IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


කිරිපිටි ගෙන්වීම නවත්වයි

(මහින්ද නිශ්ශංක)

කිරිපිටි මිල වැඩිකිරීමට මෙතෙක් අවසර නොදීම නිසා කිරිපිටි තොග අලුතින් ඇණවුම් කිරීම නතර කර ඇති බව කිරිපිටි සමාගම් ආරංචි මාර්ගවලින් පැවසේ. ඉකුත් සතියේ සිට කිරිපිටි තොග අලුතින් ඇණවුම් කිරීම නතර කර ඇති බවත්මේ  නිසා මේ මාසයේ අවසානයේදී පමණ වෙළෙඳපොළේ කිරිපිටි හිඟයක් ඇතිවීමට බොහෝදුරට ඉඩ ඇති බවත් එම ආරංචිමාර්ග සඳහන් කරයි.

ලෝක වෙළෙඳපොළේ කිරිපිටි මිල ඉහළ යාම හා ඩොලරයේ අගය වැඩිවීම හේතුවෙන් තම සමාගම් පවත්වාගෙන යාමේදී සහ දැනට පවතින මිලට කිරිපිටි ලබාදීමේදී දුෂ්කරතා හා ගැටලු මතුවී ඇතැයි පවසන සමාගම් මේ නිසා කිරිපිටි කිලෝවක මිල රුපියල් සියයකින් වැඩිකිරීමට අවසර ලබාදෙන ලෙස ජීවන වියදම් කමිටුවෙන් හා  පාරිභෝගික අධිකාරියෙන් ඉල්ලා ඇතැයිද සඳහන් කරයි.

දැනට වෙළෙඳපොළේ තිබෙන කිරිපිටි තොග සති දෙක තුනකට පමණ ප්‍රමාණවත් බව පෙන්වාදෙන කිරිපිටි සමාගම් කිරිපිටි තොග අලුතින් ඇණවුම් කිරීම නතර කිරීම සම්බන්ධව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කර ඇතැයිද පවසයි.

මේ වනවිට ලෝක වෙළෙඳ පොළේ කිරිපිටි මෙටි්‍රක් ටොන් එකක මිල ඇමරිකා ඩොලර් 3250-3350ක් වශයෙන් පවතින බවත් ලබන ජූනි මාසය වනවිට ඩොලර් 3400- 3500 දක්වා ඉහළ යන බව පෙන්වා දෙන සමාගම් අඩුම තරමින් කිරිපිටි කිලෝවක මිල රුපියල් 75 කින්වත් වැඩිකිරීමට ඉඩ දුනහොත් පාඩුව අවම කරගත හැකි බවද කියා සිටී.



අදහස් (11)

කිරිපිටි ගෙන්වීම නවත්වයි

lalithsjm Thursday, 03 May 2018 06:23 AM

මේ මාෆියාව නවත්වන්න රජයෙන් ගෙන්වා බෙදා හරින්න බැරිද ? මේ හැමදේටම මුල හොර කමයි කොමිස් ගැහිල්ලයි.

:       1       197

ලුම්බිණි Thursday, 03 May 2018 07:18 AM

ආණ්ඩුවත් බිස්නස් කරන එකේ මොකද සතොසට මේක කරන්න බැරි? ඕන කෙනෙකුට කිරිපිටි ගෙන්නන්න ඉඩ දෙන්න.

:       0       31

REHAN Thursday, 03 May 2018 07:24 AM

කිරිපිටි ගෙන්වීම වෙනුවට අපේ රටේ කිරි එළදෙනුන් ඇති කලොත් අපිට ඉන්දියාවේ වගේ හොඳ කිරි අස්වෙන්නක් ලබාගන්න පුළුවන් වේවි නේද?

:       0       143

sachith Thursday, 03 May 2018 07:31 AM

අනේ හොදයි. රජයෙන් සහණාධාරයක් දීල හරි ළදරු කිරිපිටි ගෙනත් අනිත් කිරිපිටි ගෙන එක මේවගේ ස්වභාවිකව නවත්තුවන්ම් හරි.

:       0       34

upasena Thursday, 03 May 2018 07:35 AM

ලංකාවේ දියර කිරි වගේම දේශීය පිටි කිරි නිෂ්පාදනය දිරි ගැන්වීමට මේ වාතාවරණය යොදා ගත්තොත් නරකද? එක කාලයක් තිබුණ නේද දියර කිරි තියා ගන්න බැරි නිසා කානු පල්ලේ හලන?

:       1       53

වීර Thursday, 03 May 2018 07:36 AM

අපිට මතකයි පහුගිය කාලයේ සෞඛ්‍ය අංශ පෙන්වා දුන්නේ කිර පිටි බොන එක අහිතකරයි.දියර කිරි බොන එක හිතකරයි කියලනේ.ඉතින් කිරිපිටි නතරකරලම දාන්න. දියර කිරි ගෙන්වන්න ප්‍රමිතියක් ඇතිව.අපේ රටෙන් අලුත් මාළු යවනවා පිටරටවලට.තේ යවනවා.අපේ රටේ මිනිස්සුන්ටත් හොද දේ දෙන්න අලුත් දියර කිරි ගෙන්වන්න අපේ රටට පුළුවන් වෙන්න ඕන.

:       0       41

kithsiri Thursday, 03 May 2018 07:59 AM

ඒක හොඳයි... සල්ලි නැති වුනාම නාස්ති කරලා අවුරුදු කන්නේ නැහැ වගේ, කිරි පිටි නැතිවහම, ලොකු මිනිස්සු කිරි බොන ඒක නවතී නේ.

:       0       24

NOEL Thursday, 03 May 2018 08:07 AM

කිරි පිටි සහ කෑම බීම ආනයනය කිරීම නවත්වන්න. අපේ දරුවන්ට එළකිරි දීම ප්‍රවර්ධනය කරන්න.දේශීය ආහාර වවන්න දිරි ගන්වන්න . රට රටවල් වලින් ණය අරගෙන මේ රට විනාසයට යනවා. කොමිස් මුදල් බලාගෙන දෙශපාලකයෝ කරන මේ ක්‍රියාව නිසා අපි සෝමලියවටත් වඩා දුප්පත් වෙනවා. ලංකාවේ වවන්න පුළුවන් සියලුම ආහාර ආනයනය නතර කල යුතුයි .

:       0       34

Rasi Thursday, 03 May 2018 09:23 AM

රජයෙන් කිරිපිටි ගේන්න ඕනද කියන එක නෙවෙයි මෙතන ප්‍රශ්නේ. දැනට පවතින ලෝක ආර්ථික රටාව අනුව සහ ඩොලරයේ අගය මත රජයෙන් ගෙන්වුවද මිල පාලනය කිරීම ඉතා අපහසුයි. නමුත් අප රජයන් පත් කර ඇත්තේ නිවැරදි ප්‍රත්පත්ති තීරණ ගෙන ලෝක වෙළදපල මත අප රටේ මිල තීරණය වීමට නොදී අඩුම වශයෙන් රටට අවශ්‍ය ආනයන අපනයන සහ දේශීය නිෂ්පාදන ක්‍රමවේදය සකස් කර ගැනීම වේ. අප රටේ දැනට එවන් ක්‍රමවේදයක් සැදීමට අඩුම ගානේ දැන් ඔය පත් කලයි කියන විද්‍යාත්මක ඇමති මණ්ඩලයවත් හැකි වේදැයි මට නම් සැකයි. අඩුම ගානේ එවිට තව අවුරුදු 5 කින් වත් ජනතාවට යහපතක් වනු ඇත.

:       0       0

rama Thursday, 03 May 2018 09:26 AM

වැඩි වුනොත් වැඩි කරමු දැන්ම දෙන්න එපා

:       0       0

Shahiwal Thursday, 03 May 2018 09:53 AM

කිරිපිටි කියන්නේ වස. එත අපේ මිනිස්සු ඒක තේරුම් ගන්නේ නැහැ. අන්තිමට මිනිස්සුන්ට ලෙඩ හොඳටම. දේශීය කිරි නිෂ්පාදනය සම්පුර්ණයෙන්ම කඩා වැටිලා. මමත් හරක් 75ක් විතර හදලා සත්තු විකුණලා වහලා දැම්මා සත්තුන්ට දෙන්න ආහාර නැති නිසා. ලංකාව ඉතියෝපියාව වෙන දවස දුරක නෙවෙයි, හරිම කණගාටුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 164 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2055 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1582 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site