(යොහාන් භාසුර)
ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවෙන් නිදහස් කිරීමට අනුමැතිය නොලැබීම නිසා කිරිපිටි කිලෝග්‍රැම් ලක්‍ෂ 4 ක් අඩංගු කන්ටේනර් 17 ක් දින 25 ක කාලයක් කොළඹ වරායේ සිරවී ඇති බව කිරිපිටි ආනයන සමාගමේ හිටපු සභාපති ආචාර්ය ලක්‍ෂ්මන් විජේසූරිය මහතා අද (15) පැවසීය.
මෙම කිරිපිටි කන්ටේනර් 17 සඳහා මේ වන වි ප්‍රමාද ගාස්තු ලක්‍ෂ 40 ක් ගෙවීමට සිදුව ඇති බවත් ඒ හේතුවෙන් කිරිපිටි මිල ඉහළ දැමීමට සිදුවිය හැකි බවත් විජේසූරිය මහතා කීය.
නැවට කිරි පටවන විට එක නිතියක්ද, නැවත මුහුද මැද තිබෙන විට තවත් නීතියක්ද, කොළඹ වරායට නැව ළගාවීමෙන් පසුව තවත් නීතියක්ද ක්‍රියාත්මක කිරීම නිසා මෙම තත්වය උද්ගත වී ඇති බව කී විජේසූරිය මහතා සඳහන් කළේය එම කන්ටේනර් නිදහස් කිරීමට කර්මාන්ත අමාත්‍යංශයෙන් අනුමැතිය ලැබී තිබුණ ද ආනයන හා අපනයන පාලකවරිය කිරිපිටි කන්ටේනර් සිරකගෙන සිටින බවත්ය.
එම චෝදනාව පිළිබඳව ආනයන හා අපනයන පාලක උපුල්මලී ප්‍රේමතිලක මහත්මියගෙන් කළ විමසුමකදී පැවසුවේ එම දෙපාර්තමේන්තුවේ කිසිම අකාර්යක්‍ෂම තත්වයක් නොමැති මෙන්ම පාලකවරිය ලෙස තමන් කිසිම ලේඛණයක් සිරකරගෙන නොමැති බවත්ය.
කිරිපිටි ප්‍රශ්නය හරියටම මොකක්ද යන්න තමන් නිවැරදිව නොදන්නා බව කී උපුල්මලී ප්‍රේමතිලක මහත්මිය සාමාන්‍ය නීතියට පටහැනිව මොනවා හරි ආනයන කර තිබේ නම් මොනම හේතුවකටවත් නිදහස් නොකරන බව ද සඳහන් කළාය.
2025 දෙසැම්බර් මස 18
145
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කිරිපිටි කිලෝ ලක්‍ෂ 4 ක් දින 25 ක් වරායේ හිරවෙලා
NIMAL Tuesday, 15 November 2022 06:19 PM
කිරිපිටි කිලෝ ලක්‍ෂ 4 ක් දින 25 ක් වරායේ හිරවෙලා, දේශපාලන මැදිහත්වීමකින් නිදහස්
Sas Tuesday, 15 November 2022 06:21 PM
සමහර රජයේ නිලධාරීන් හැසිරෙන්නේ තමන් සියඵම දේ දන්නවා ලෙසයි. ඵසේ ම බොහොමයක් ඉහළ නිලධාරීන් දූෂිත, අල්ලස් ගන්නාවූ අයයි.