(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ආනයන අපනයන නීති නොසලකා හරිමින් නීති විරෝධී ආකාරයට සම්පූර්ණ යොදය සහිත කිරිපිටි කිලෝ ග්‍රෑම් එක් ලක්ෂ පනස් තුන් දහස් තුන්සිය හැත්තෑ පහක් අඩංගු 40 බහාලුම් 6ක් නවසීලන්තයේ සිට මැලේසියාව හරහා කොළඹ වරායට පසුගිය ඔක්තෝබර් මස විසි වෙනිදා ගෙනැවිත් ඇතැයි තොරතුරු අනාවරණයවූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේ දී අද (29) පැවසීය.
මෙම කිරිපිටි තොගය නිදහස් කරගැනීමට ආනයන පාලක වෙත අයදුම්පත්‍රය යොමු කර ඇත්තේ එම තොගය කොළඹ වරායට රැගෙන ඒමෙන් පසුව බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා වෙළෙඳ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නිර්දේශය මත ආනයන අපනයන පාලක ජනරාල්ගේ බලපත්‍රයකින් තොරව ශ්‍රී ලංකා රේගුවෙන් මෙම කිරිපිටි නිදහස් කර ගැනීමට හැකියාව ලබාදී ඇතැයිද සඳහන් කළේය.
එසේම කිරිපිටි ආනයනය සීමා කර නොමැති බැවින් වෙළෙඳපොළ තුළ කිසිසේත්ම කිරිපිටි හිඟයක් ඇති වීමේ අවදානමක් නැතැයිද ඔහු පැවසුවේය.
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කිරිපිටි කිලෝ එක් ලක්ෂ පනස් තුන් දහසක් හොරට ගෙනල්ලා
Nimal Tuesday, 29 November 2022 03:29 PM
එතකොට ඒක ඉබේද වෙලා තියෙන්නේ? කිරිපිටි කන්ටේනර් එකට පණ ඇවිල්ලා රේගුවෙන් එළියට ගියාද?
Bamunuarachchi Tuesday, 29 November 2022 08:31 PM
අනේ මහත්තයෝ මේ ගෙනල්ල තිබෙන්නේ මත්දව්‍ය නොවෙයිනේ. ඒ නිසා බෙරිහන්දෙන්න එපා බදු ගහන්න.