
(ජේ.කේ.එල්. චාමින්ද)
ගාල්ල කරාපිටිය ජාතික රෝහලේ කාර්යමණ්ඩලයේ සමාජිකයින් 74 දෙනෙකුට පමණ පසුගිය මාසය තුලදි ඩෙංගු රෝගය වැළදි ඇති බැව් කරාපිටිය ජාතික රෝහලේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය එස්.ඩී.යූ.එම් රංග මහතා පවසයි.
වෛද්‍යවරුන්, හෙදියන්, කණිෂ්ඨ කාර්ය මණ්ඩලසේවකයින්ට ඩෙංගු රෝගය වැළදි ඇති බවද ඔවුන් රෝහල තුලින්ම ප්‍රථිකාර ලබාගත් බවද රෝහල් අධ්‍යක්ෂකවරයා පෙන්වා දෙයි.
රෝහල් සේවකයින්ට රෝහල තුලින්ම ඩෙංගු රෝගය වැළදි ඇති බව සදහන් කළ රෝහල් අධ්‍යක්ෂකවරයා ගාල්ල මහනගර සභාව,ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය, හා රෝහල් කාර්යමණ්ඩලය එක්ව ඩෙංගු මර්ධන වැඩසටහන් රෝහල තුල ක්‍රියාත්මක කළබවද හෙතෙම පවසයි.
පසුගිය කාලය තුල රෝහල් කාර්යමණ්ඩල සාමාජිකයින් සදහා ඩෙංගු උණ රෝගය වැළදි නොතිබු බවත් වර්ෂාවත් සමග ඩෙංගු පැතිරියාම වැඩිවු බවත් එය පාලනය කරගැනිමට නොහැකි වු බවද රෝහල් අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සදහන් කළේය.
ගාල්ල දිස්ත්‍රික්කය තුල පසුගිය සති තුන තුලදි ඩෙංගු බවට සැකකරණ රෝගින් 162 දෙනෙකු වාර්තා වි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රා දේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.
ඉකුත් වර්ෂයේ මෙම කාලසිමාව හා සැසදිමේදි ඩෙංගු රෝගින්ගේ වැඩිවිමක් වාර්තා වි ඇති බවද ප්‍රා දේශිය වසංගත රෝග වෛද්‍යවරයා පෙන්වාදෙයි.
2025 නොවැම්බර් මස 17
56
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
890
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2520
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
කරාපිටියේ රෝහලේ කාර්යමණ්ඩලයේ 74කට ඩෙංගු
pj Thursday, 23 January 2025 02:02 PM
ක්ලීන් ශ්‍රී ලංකා ඩෙංගු ක්ලීන් කරලා ඊට පසුව කැමති ක්ලීන් ඒකක් කරගන්න...මිනිස්සු මාලිමාව ක්ලීන් කරන්න පෙර....
NimalFriday, 24 January 2025 05:58 AM
අනුන් ක්ලීන් කරන්න කලින්, තමන් ක්ලීන් ද කියලා බැලුවද?