ගාල්ල, කරාපිටිය රෝහලේ ගින්නෙන් එහි ආපනශාලාව විනාශ වී ඇතැයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පවසයි. ඊට යාබද ව ඇති පාරිභෝගික ශල්‍ය උපකරණ ගබඩාවේ තිබූ උපකරණවලට ද ගින්නෙන් හටගත් දැඩි රස්නය හේතුවෙන් හානියක් සිදුව ඇත්දැයි සොයා බලන බව ද අධ්‍යක්ෂ වරයා කියා සිටියේය.
ගින්නට හේතුව විදුලි කාන්දුවක්යැයි සැකයක් පැවතිය ද පොලිස් වාර්තාව ලැබෙන තුරු ඒ ගැන ස්ථිර වශයෙන්ම කිව නොහැකි බව පැවසූ අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කියා සිටියේ සිදුවූ හානිය ගණනය කැර නොමැති බවයි. ආපන ශාලාව පවත්වාගෙන යන්නේ ටෙන්ඩර් කැඳවීමෙන් පුද්ගලික අංශයට ලබා දීමෙනි. එහි තිබූ උපකරණ සියල්ල එම ටෙන්ඩර්කරුවා සතු උපකරණ බව ද රෝහල් ආරංචි පවසයි.
(ඡායාරූප - අමිල මධුශංක)
(ඡායාරූප - රවී ලියනගේ)
2025 දෙසැම්බර් මස 18
149
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
148
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
952
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කරාපිටිය රෝහලේ ආපන ශාලාව විනාශයි