ශ්‍රී ලංකාවට ආනයනය කරන කිරිපිටිවල ඩීසීඩී හෙවත් ඩයි සයනයිඩිමයිඩ් රසායනය නැතැයි ද, ඒ ගැන නිවැරදිව පරීක්ෂා කිරීමට රසායනාගාර පහසුකම් ශ්‍රී ලංකාවේ නැතැයි ද කියන කතාව වැරදි බව ශ්‍රී ලංකා කාර්මික තාක්ෂණ ආයතනය පවසයි.
කිරිපිටි හා අයිස්ක්‍රීම් සම්බන්ධයෙන් එම ආයතනය පැවැත්වූ පරීක්ෂණ සියයට සියයක් නිවැරදි බව ද එම ආයතනය පවසයි.
මෙම පරීක්ෂණ ගැන තාක්ෂණ ආයතනය පර්යේෂණ ක්‍රමවේද සම්බන්ධයෙන් මහජනයා දැනුම්වත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් කොළඹ හතේ කාර්මික තාක්ෂණයේ දී බ්‍රහස්පතින්දා උදේ පැවැත්වීමට යයි.
ඇමැති පාටලී චම්පික රනවක, කාර්මික තාක්ෂණ ආයතනයේ සභාපති ආචාර්ය විමලධර්ම අබේවික්‍රම, වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මුදිත ලියනගෙදර සහ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරයෝ ද සහභාගී වීමට නියමිතය.
ඩීසීඩී යනු ගව මුත්‍රා නිසා තනබිම්වලට නයිට්‍රජන් අහිමිවීමේ පාඩුව පිරිමසා ගැනීම සදහා කිරි ගොවියන් විසින් යොදනු ලබන රසායනයකි.
2025 දෙසැම්බර් මස 18
202
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
165
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘කිරිපිටි/අයිස්ක්‍රීම් ඩීසීඩී පරීක්ෂණ හරියට හරි‘
නිමල් Thursday, 02 October 2014 03:22 PM
මේ වගේ රටක තමයි අපි ජීවත්වෙන්නේ! (නි)
නන්දන පනාගොඩ මිලානෝ Wednesday, 01 October 2014 01:28 PM
දියර කිරි උකු කිරීමට දමන්නේ පිටි කරන ලද ඌරු තෙල්. (අ)
බණ්ඩාර Wednesday, 01 October 2014 05:03 PM
කිසිම පරීක්ෂණයක් 100% හරි වෙන්නේ නැහැ. වරදින්න පුළුවන් කිසියම් ප්‍රතිශතයක් තියෙනවා.රටටම දැනගන්න මේකට භාවිතා කළ ක්‍රමය, උපකරණ සහ සම්මත සාම්පල මොනවද කියලා කියන්න පුලුවන්ද? (නි)
සමන්ති Thursday, 02 October 2014 12:46 AM
මොන ආයතන තිබුනත් මහජනයාට වස විස කවන එක නම් දිගටම සිදුවෙනවා. (නි)
කිරි ගමරාල Wednesday, 01 October 2014 09:15 AM
බත් වෙනුවට තණකොළ කන එවුන්ට ගව මුත්‍රා රස දැනෙන්නේ නැතිකොට මහජනයා මක්කයි කොරන්නේ? (ස)
රසික Thursday, 02 October 2014 04:19 AM
100% සාර්ථක නැතුව නිගමන දෙන්නේ නැහැ. ඒකයි විද්‍යාත්මක ක්‍රමය. පිටිකිරි හදන රටවල පිටිකිරි පාවිච්චි කරන්නේ නැහැ (නි)