IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කුරුඳු සොරා වහලෙන් වැටෙයි

(ඩී.ජී.සුගතපාල)

සොරකමක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනිමට ගිය සැකකරු නිවසේ වහලට නැග බිමට පැන පලා යාමට උත්සාහ කළ අවස්ථාවේ  වහලෙන් බිමට වැටි තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත්කළ බව ඉමදුව පොලිසිය පවසයි.

මෙසේ තුවල ලබා රෝහල් ගත කර ඇත්තේ පිලාන අමුකොටුකන්ද පදිංචි 35 හැවිරිදි සැකකරුවෙකි.

ඉකුත් අප්‍රේල් 28 වනදින රාත්‍රි දික්කුඹුරේ කුරුඳු වෙළඳ සලක් බිඳ කුරු සොරකම් කිරිම සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරු නිවසේ සිටින බවට ලැබුණ තොරතුරක් අනුව පොලිසිය නිවසට ගිය අවස්ථාවේ සැකකරු නාන කාමරයෙන් වහලට නැග බිමට පැන පලා යාමට උත්සාහ කල අවස්ථාවේ  වහලෙන් බිමට වැටි ඇත.

බිමට වැටිමෙන් කකුල කැඩි තිබු සැකකරු පොලිසිය විසින්ම කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇති අතර ගාල්ල වැඩ බලන මහේස්ත්‍රාත්වරයා අද  (17) සවස කරාපිටිය රෝහලට ගොස් සැකකරු පරික්ෂා කර බලා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරිමට නියමිතව තිබින.

ඉමදුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක උදිත කුමාර,උප පොලිස් පරික්ෂකවරුන් වන බන්දුසේන සහ කරුණාදාස යන මහත්වරුන් විසින් වැඩදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

 

 

 

 



අදහස් (0)

කුරුඳු සොරා වහලෙන් වැටෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 41 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 838 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 605 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site