IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


කොරෝනා හේතුවෙන් ඇමෙරිකානුවන් මිලියන 21 කට රැකියා අහිමි වෙයි

පසුගිය සති 4 තුළ ඇමරිකානු ජාතිකයින් මිලියන 21 කට අධික පිරිසකගේ රැකියා අහිමි වී ඇතැයි නවතම වාර්තාවක් මගින් පෙන්වා දෙයි.

එය ඉතා නරක අන්දමින් රැකියා අහිමි වීමේ වාර්තාගත තත්ත්වයක් බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

අමෙරිකා එක්සත් ජනපදයේ කම්කරු දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛන අනුව අප්‍රේල් 11 වැනිදායින් අවසන් වූ සතිය තුළ රැකියා විරහිතභාවයට පත්වූ පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂ 52 කි.

ඊට පෙර සතියේ එම අගය ලක්ෂ 66 ක් ලෙස සටහන් වී තිබේ.

කොරෝනා වෛරසයේ පැතිරීම හේතුවෙන් අමෙරිකානු ජනගහනයෙන් වැඩි පිරිසකට අගුලු දැමීමේ සීමාවලට යටත්ව කටයුතු කිරීමට සිදුවී ඇත.

අමෙරිකානු ආර්ථිකයට ඇතිවූ බලපෑම හමුවේ මහා පරිමාණ සහ කුඩා පරිමාණ ව්‍යාපාරවල සේවකයින් රැකියාවලින් ඉවත් කිරීමට බලකෙරෙන වාතාවරණයක් ද උද්ගත වී තිබේ.

විශ්ලේෂණ අනුව මෙම මාසයේ රැකියා විරහිත අනුපාතය 20 % ක් පමණ වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ සංඛ්‍යා ලේඛන අනුව අමෙරිකාවෙන් මේ වන විට වාර්තා වී ඇති කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව 640,014 කි.

ඉන් රෝගීහු 31,002 දෙනෙක් මරණයට පත්වී සිටිති. 

-226-

(බීබීසී ඇසුරෙනි)

 



අදහස් (3)

කොරෝනා හේතුවෙන් ඇමෙරිකානුවන් මිලියන 21 කට රැකියා අහිමි වෙයි

jayath Friday, 17 April 2020 04:25 AM

ප්‍රකට කතාවක් තියනවා පිස්සෙක් ජනපති උනත් ජනපති පිස්සෙක් උනත් දෙකම එකයි කියලා. මේක අපටත් අදාළ කාල වකවානුවක් තිබුනා. නමුත් මම හිතන්නේ මේක ඇමෙරිකාවට හරියටම හරි කියලා. මොකද වුහාන් වල මේක පටන්ගත්ත මුල් කාලේ මෙයා මේක චීන වයිරසය කියල අවමන් කරා විතරක් නෙමි චීනෙන් ගිලිහෙන රැකියා අවස්ථා ගන්නත් බලාගෙයි හිටියේ. ඔය අරන් තියෙන්නේ දැන්. පව් ඇමෙරිකානු ජනතාව !

:       391       300

Wasantha de melFriday, 17 April 2020 07:22 AM

ඔබ දැක්කේ නැද්ද ජපානය ප්‍රමුඛ ඇමෙරිකාව ඇතුළු රටවල් චීනයේ තම කර්මාන්තශාලා වෙනත් රටවල් වලට ගෙනියන්න හදනවා. ඇමෙරිකාවේ ජනාධිපති කවුරු වුනත් රට වෙනුවෙන් යහපත් ප්‍රතිපත්ති දිගටම කෙරෙනවා. මෙහෙ වගේ නෙවේ.ළිදෙන් එළියට එන්න.

:       164       229

RasikaSaturday, 18 April 2020 01:13 AM

ළිදෙන් එළියට එන්න ඕනේ ඔයා. දැන් ඇමෙරිකාවේ කොරෝනා පාලනය ඉතාම අසාර්ථකයි. එහෙම උනේ එහෙ ජනාධිපති ගත්ත වැරදි තීරණ නිසා. ඒ අතින් ලංකාව ඉතාමත් වාසනාවන්තයි. අපේ රටේ ඉතාමත් හොදින් පාලනය කරලා තියෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ලංකාව කොරෝනා පාලනය කරපු හොදම රටවල් අතර 9 වන තැන ඉන්නවා. කැනඩාව 7 වන තැන ඇමෙරිකාව 70 වන තැන. එංගලන්තේ 80 ඕස්ට්‍රේලියාවා 4 . ඉතින් ලංකාව ගැන සතුටුයි. ජනාධිපති ගත්ත යහපත් තීරණ නිසා අපේ ජීවිත බේරුනා.

:       18       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31605 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13982 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11090 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 169 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1099 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 306 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site