(සුමතිපාල දීයගහගේ)
කොරෝනා වයිරසය නිසා අපහසුවට පත්ව සිටින නියාගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල පදිංචි මහජනතාවට සහන සැලසීම සඳහා රුපියල් ලක්ෂ පනහක මුදලක් වෙන්කර ඇතිබව නියාගම ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසාද් වීරක්කොඩි මහතා පවසයි.
මෙම මුදල් යොදවා ප්‍රදේශයේ අපහසුවට පත්ව සිටින ජනතාවට සහන මිලට වියළි ආහාර ද්‍රව්‍ය මල්ලක් ලබාදීමට පියවර ගෙන තිබේ.
එමෙන්ම ප්‍රදේශයේ ජල මූලාශ්‍ර වලින් ලබාගන්නා ජලය බවුසර් මගින් අවශ්‍ය ස්ථානවලට ගෙන ගොස් බෙදාහැරීමද සිදු කරන බව සභාපතිවරයා පැවසීය.
පිටිගල පොලිසිය , ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ස්වේච්චා සංවිධානවල සහාය ඇතිව ප්‍රාදේශීය සභාබල ප්‍රදේශය තුළ පිහිටි පොදු ස්ථාන විෂබීජහරණය කිරීමේ වැඩ පිළිවෙලක්ද ක්‍රියාත්මක කර ඇතැයි වීරක්කොඩි මහතා පැවසීය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කොරෝනා සහන වැඩට නියාගම ප්‍රා. සභාවෙන් ලක්ෂ 50 ක්