IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


‘කොරෝනා වැළැක්වීමට ආයුර්වේද ඔසු නිර්දේශ කර නෑ’

(සිරංගිකා ලොකුකරවිට) 

 

කොරෝනා වයිරසය බෝවීම වැළැක්වීමට හැකියැයි පවසමින් ආයුර්වේද ඖෂධ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සිදුකෙරෙන ප්‍රචාරවලට නොරැවටෙන ලෙසත් එවැනි ප්‍රචාර සිදුකරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් ආයුර්වේද කොමසාරිස් සහ ආයුර්වේද වෛද්‍ය සභාවේ සභාපති කේ.ඩී.ඒ.එස්.කුමාරතුංග මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ආයුර්වේද වෛද්‍ය සභාව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ආයුර්වේද ඖෂධයක් නිෂ්පාදනය කිරීම හෝ ආනයනය, අපනයනය හෝ එම ඖෂධ රෝගීන් වෙත නියම කිරීම, ලියාපදිංචි වෛද්‍යවරයකුට හැර වෙනත් කිසිම පුද්ගලයකුට සිදුකිරීමට 1961 අංක 31 දරණ ආයුර්වේද පනත අනුව නොහැකි බවයි.

එම පනතේ 69 වැනි වගන්තිය අනුව ඖෂධ ගැන සමාජ මාධ්‍යජාලා හා වෙනත් ප්‍රචාරණ මාධ්‍යයන් ඔස්සේ සිදුකරනු ලබන ප්‍රචාරය කිරීම වරදක් වන බව ද එම නිවේදනයේ දැක්වේ.

එමෙන්ම එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ කොරෝනා සුවකිරීම සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණාත්මක තහවුරු කිරීමකින් තොර ඖෂධ වට්ටෝරු භාවිතා කිරීම සඳහා මහජනතාව පෙළඹවීම හා නොමඟ යවන සුළු ප්‍රකාශ සිදුකරන තැනැත්තන් සම්බන්ධයෙන් සභාවට පැවරී ඇති බලතල ප්‍රකාරව අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගනු ලබන බවයි.

ආයුර්වේද වෛද්‍ය සභාව පවසන්නේ කොවිඩ් - 19 වෛරසය හේතුවෙන් ඇතිවන කොරෝනා වයිරස ලක්ෂණ ඇති අයකු වාර්තා වුවහොත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් නිර්දේශ කර ඇති රජයේ රෝහලකට කඩිනමින් යොමු වී අවශ්‍ය ප්‍රතිකාර ලබාගත යුතු බවයි.



අදහස් (3)

‘කොරෝනා වැළැක්වීමට ආයුර්වේද ඔසු නිර්දේශ කර නෑ’

Lakvidu Tuesday, 17 March 2020 01:36 PM

කොරෝනා සුවකිරීම සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණාත්මක තහවුරු කිරීමකින් තොර ඖෂධ වට්ටෝරු භාවිතා කිරීම සඳහා මහජනතාව පෙළඹවීම හා නොමඟ යවන සුළු ප්‍රකාශ සිදුකරන තැනැත්තන් සම්බන්ධයෙන් සභාවට පැවරී ඇති බලතල ප්‍රකාරව අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගනු ලබන බවයි.

:       0       0

Champa Tuesday, 17 March 2020 03:02 PM

එහෙම කොහොමද? උණට හෙම්බිරිස්සාවට කැස්සට සිංහල බෙහෙත් හේත් කරන්න ඔය නිර්දේශ මොකටද? මේවා ඕනේ ගෙදරක තියෙන බෙහෙත්. සිංහල බේත් හේත් ගැන දැනුම සිංහලයන්ට එන්නේ ජාන වලින්. ඒකට ආයුර්වේද සහතික ඕනේ වෙන්නේ නැහැ.

:       0       0

nishantha ranesh Wednesday, 18 March 2020 01:44 AM

මම හිතන්නේ මේ අයුරින් ජනතාවට චෝදනා යොමුකිරීම ඒ තරම් හොද නෑ කියලයි මම හිතන්නේ. මොකද සිංහල වෙද කමේ සැගවුන ප්‍රතිශක්ති උද්දීපන බෙහෙත් ඕන තරම් ඇති එම නිවැරදි තොරතුරැ සංයමයෙන් රටේ ජනතාවට ලබාදීමට දේශීය වෛද්‍යවරැන් උත්සාහ ගත යුතුයි කියලයි මම හිතන්නේ. මේ ඒකට හොදම කාලය .අමතක කරන්න එපා රාවණා රජු පය ගහලා හිටිය ෙඓතිහාසික රටක් මේක. ඒ සැගවුන වෙදකම එලියට ගැනීම යුතුකමක් නොවේද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31342 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13559 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 964 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site