IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


කොරෝනා වසංගතය නොතකා උතුරු කොරියාව මිසයිල යවයි

උතුරු කොරියාව විසින් අද(21) මිසයිල අත්හදාබැලීමක් සිදුකර ඇති බව දකුණු කොරියානු හමුදාව පවසයි.
 
නැගෙනහිර ප්යොන්ගන් පළාතේ සිට ජපන් මුහුදට යොමු කරනු ලැබූ මේවා කෙටි දුර බැලස්ටික් මිසයිල ලෙස හඳුනාගෙන ඇත.
 
ප්‍රක්ෂේපන කිලෝමීටර 410 ක උපරිම දුරකින් කිලෝමීටර 50 ක් පමණ උසකින් පියාසර කර තිබේ.
 
 මේ සම්බන්ධව අදහස් දක්වමින් දකුණු කොරියාවේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානී පැවසුවේ තත්ත්වය අධීක්‍ෂණය කරමින් සිටින බවයි. කොවිඩ් -19 වසංගතයෙන් මුළු ලෝකයටම පීඩා විඳින මොහොතක මෙම ක්‍රියාවන් “අතිශයින් නුසුදුසු” යැයි හෙතෙම විස්තර කළේය.
 
 උතුරු කොරියාව මේ මස මුලදී ද වෙඩි තැබීමේ අභ්‍යාසවල කොටසක් ලෙස මිසයිල කිහිපයක් ගුවන්ගත කළේය.
 
(බීබීසී ඇසුරිණි - 085)
 

 



අදහස් (2)

කොරෝනා වසංගතය නොතකා උතුරු කොරියාව මිසයිල යවයි

රවින් Saturday, 21 March 2020 04:23 AM

කිම් උන් ජොන්ග් කියන්නේ ලෝක වෙදෙක්. කොරෝනා - කොවිඩ්-19 කියන මිසයිලය ලොවට එල්ල කල දෙසටමද කොහෙද එල්ල කරලා තියෙන්නේ. හැබැයි පොඩ්ඩක් විතර එල්ලය වැරදිලා වගේ. කමක් නැහැ අත්හදා බැලීමක්නේ.

:       0       0

de silva Saturday, 21 March 2020 04:37 AM

බලාගෙන ගියහම මෙයත් අර ප්‍රභාකරන්ගේ ජාතියේ මිනිහෙක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2505 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site