IMG-LOGO

කොරෝනා වලින් බේරෙන්න අප්‍රිකානු පිග්මි ජාතිකයින්ට වාසස්ථාන වෙනස් කරන්නැයි උපදෙස්

මධ්‍යම අප්‍රිකානුු ජනරජයේ ජීවත් වන පිග්මි ජාතිකයන්ට කොවිඩ් ආසාදනය වීමේ වැඩි අවදාමක් පැවතීම හේතුවෙන් වනාන්තරය තුළ ඔවුන්ගේ සාම්ප්‍රදායික වාසභූමි වෙත ගමන් කිරීමටඋපදෙස් දුන් බව ඒරට රජය පවසයි.
 
ලෝකයේ දුප්පත්ම ජන කොට්ඨාශයක් වන පිග්මිවරුන් මධ්‍යම අප්‍රිකාවේ ඩසන්ගා - සන්ගා වනජීවී රක්ෂිතයේ වාසය කරයි.
 
ඔවුන් කොරෝනා රෝගයෙන් බේරා ගැනීමේ හොඳම ක්‍රමය මෙසේ හුදකලා කිරීම බව බලධාරීහු පවසති.
 
මධ්‍යම අප්‍රිකානු ජනරජයේ මේ වනවිට කොරෝනා රෝගීන් 1,000කට වඩා වාර්තා වී ඇති අතර මරණ 4ක් සිදුවී තිබේ.
 
ඩසන්ගා - සන්ගා වනෝද්‍යානය බාරව සිටින ලුයිස් අර්න්ස් මහතා මෙසේ පවසයි, " ඔවුන්ට මාස තුනක් ඔවුන්ගේ දඩයම් කඳවුරු වලට ගොස් ජීවත් වීමට ඉල්ලා සිටියා. සෑම සතියකම අපි ඔවුන්ට ආහාර සහ ඖෂධ ගෙනගොස් දෙනවා. ඒවිට ඔවුන් වෙළඳපොලට පැමිණීමෙන් වැලකෙයි. ඔවුන් හුදකලා විය යුතුයි. ඒය ඒකම විසදුමයි."
 
අසල්වැසි නගර වල බලධාරීන්ගෙන් මේ ක්‍රියාවලියට සහාය දක්වන ලෙස ඉල්ලා ඇති අතර නාගරික මධ්‍යස්ථාන වලින් ඉවත්ව සිටින ලෙස පිග්මිවරුන්ට දැනුම් දී තිබේ.

දුර්වල සෞඛ්‍යය, දරිද්‍රතාවය, කුඩා ඉඩ ප්‍රමාණයක වැඩි පිරිසක් ජීවත් වීම සහ ඔවුන්ගේ ජීවන රටාව කොවිඩ් රෝගයෙන් වැඩි අවදානමක් පිග්මි ජාතිකයන්ට ලබා දෙයි.

සාමාන්‍යයෙන් ඔවුන්ගේ ළදරු මරණ අනුපාතිකය ඉහල මට්ටමක පවතින බවත් ආගන්තුක රෝගයකට ස්වාභාවික ප්‍රතිශක්තියක් ඔවුන් තුළ ඇති බවට සාක්ෂි නොමැති බවත් වෛද්‍යවරු පවසති.
 
පිග්මින්ගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරුදු 35 - 38ත් අතර අගයක පවතී.

වෛද්‍යවරු පවසන්නේ ඔවුන්ගේ අර්ධ සංචාරක ජීවන රටාව මගින් වයිරසය වේගයෙන් පැතිර යාමට හැකි බවයි.
 
(ඒ්ඒෆ්පී ඇසුරිණි - 085)

 



අදහස් (6)

කොරෝනා වලින් බේරෙන්න අප්‍රිකානු පිග්මි ජාතිකයින්ට වාසස්ථාන වෙනස් කරන්නැයි උපදෙස්

Asoka gunasekara Friday, 05 June 2020 12:30 PM

කැලේ මාරු කළාට කොරෝනා වල පුල්ලි වෙනස් වෙයිද?

:       91       0

BamunuarachchiFriday, 05 June 2020 12:51 PM

මේ ගොල්ලෝ මාරු කරන්නේ කොරෝනා පුල්ලි වෙනස් කරන්න නොවෙයි.., ලෙඩෙන් බේරෙන්න. එ්ක සාර්ථක උපක්‍රමයක්...

:       59       108

Bamunuarachchi Friday, 05 June 2020 12:52 PM

පාසල් කාලයෙන් පසු පිග්මි මිනිසුන් ගැන අසුවාමයි.

:       8       37

මුණසිංහ Friday, 05 June 2020 03:07 PM

මෙන්න මේ වෙලාවට තමා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ක්‍රියාකාරිත්වය වටින්නේ. යුද්ධෙට නැති කඩුවෙන් වැඩක් නෑ.

:       0       3

BamunuarachchiSaturday, 06 June 2020 11:54 AM

ඔය කීවේ සිරිසේන ගොයියටද?

:       0       0

BamunuarachchiMonday, 08 June 2020 01:00 PM

මොකෝ වැඩක් නැත්තේ කොස් කොටන්න පුලුවනිනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 136 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 419 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site