(ඉන්දිකා රාමනායක)
කොරෝනා වයිරස ලක්ෂණ මතුව ඇති බව දැන දැන හෘද රෝගයක් බව පවසමින් රාගම රෝහලට ඇතුළත්ව සිටි පුද්ගලයාට එරෙහිව වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළ බව නීති කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
මෙම පුද්ගලයා ඉතාලියේ සිට පැමිණි අයකු බවට රෝහලට නොපවසා හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත වී ඇති බව පැවසේ.
තමාට කොරෝනා වයිරස රෝගී ලක්ෂණ ඇති බව දැන දැනම ඉහත පුද්ගලයා චේතනාන්විතව සිදු කළ මෙම ක්‍රියාව හේතුවෙන් ඔහුට ප්‍රතිකාර කළ රාගම රෝහලේ වෛද්‍ය හා කාර්ය මණ්ඩලය අවදානමට පත්ව ඇති බව අජිත් රෝහණ මහතා සඳහන් කළේ ය.
ඔහුට ප්‍රතිකාර කළ වෙද්‍ය්‍ය හා කාර්ය මණ්ඩලය නිරෝධායන කටයුතු සඳහා යොමු කර ඇති බව ද අජිත් රෝහණ මහතා කියා සිටියේය.
මෙම සිද්ධියේ දී පුද්ගලයා නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි වාට්ටුවේ සිටි සෙසු සාමාන්‍ය රෝගීන්ද අවදානම ලක්ව ඇති බවද හෙතෙම කියා සිටියේය.
මෙම පුද්ගලයාට අමතරව ඔහුගේ මෙම ක්‍රියාවට සඳහා ආධාර අනුබල දුන් පුද්ගලයන්ට ද නීතිය ක්‍රියාත්මක කරන බවද අජිත් රෝහණ මහතා කියා සිටියේ ය .
මෙම සිද්ධිය ඉතාමත් කනගාටුදායක තත්ත්වයක් බව ද හෙතෙම අවධාරණය කළේය .
2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2505
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
කොරෝනා රෝගියාට එරෙහිව අධිකරණයට පැමිණිල්ලක්
ravi Friday, 20 March 2020 01:54 PM
මේක , රෝහලේ වරදක්. කවුරු කොහොම කිව්වත් වෛද්‍යවරුන් දැනගත යුතුයි මොකද්ද ,, රෝගය සහ කල යුත්තේ කුමක්ද කියලා.
Samwil Friday, 20 March 2020 02:04 PM
උතුරු කොරියාවේ වගේ නීතිය ක්‍රියාත්මක කරානම් හරි.