
(සුජිත් හේවාජුලිගේ )
කොරෝනා එන්නත් එක මාත්‍රාවකින් මාස තුනක් යනතෙක් එම රෝගය වැලඳීමේ ප්‍රවණතාව අඩු වන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිජීව හා අණුක විද්‍යා අධ්‍යයනාංශයේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පැවසුවාය.
යම් විදිහකින් හෝ රෝගය වැළඳුණත් සංකූලතා මතුවීම අඩු බවත් පුද්ගලයකුට උපරිම ආරක්ෂාව සැලසෙන්නේ දෙවැනි මාත්‍රාව ලබා ගැනීමෙන් පසුව බවත් ඇය සඳහන් කළාය.
මේ අතර ඇස්ට්‍රාසෙනිකා එන්නත පළමු මාත්‍රාව ලබා ගත් වැඩිහිටි පුද්ගලයන්ට එහි දෙවැනි මාත්‍රාව නිර්දේශිත කාලයේදී ලබාදීම ඉතා වැදගත් බවද ඇය කීවාය.
පළමු මාත්‍රාව ගත් වයස 30--40අයට ප්‍රතිශක්තිය ගොඩ නැගුණත් වයස්ගත පිරිස්වලට එවැනි ප්‍රතිශක්තියක් සැලකිය යුතු ආකාරයෙන් ගොඩ නැගී නොමැති බව පෙනී යන්නේ යයි නීලිකා මලවිගේ මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.
2025 නොවැම්බර් මස 04
554
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2261
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1696
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කොරෝනා පළමු එන්නතෙන් මාස තුනකට ආරක්ෂාව
Buddika Monday, 03 May 2021 09:49 AM
මම දන්න කෙනෙක්ට එන්නත අරගෙනත් කොරෝනා හැදිලා රෝහලේ
gamunuMonday, 03 May 2021 11:01 AM
එවැනි සිදුවීම ලෝකයේ වෙනත් රටවලත් සිදුවෙනවා.
abaran Monday, 03 May 2021 10:41 AM
ඔහොමද කියන්න කිව්වේ...හරි...හරි...තේරුනා...
jagath Monday, 03 May 2021 10:57 AM
මම දැනට සෞදි අරාබියේ ඉන්නේ පලමු එන්නත ඇස්ට්‍රා සෙනිකා සහ දෙවැනි එන්නත ලංකාවේදී චීන හෝ රුසියාවේ එක සුදුසුද යන්න දැනගැනීමට අවශ්‍යයයි
Dinesh Monday, 03 May 2021 11:01 AM
මහාචාර්ය තුමිය යුරෝපය ඕස්ට්‍රේලියාව සහ ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රවෘත්ති බලන්න, ඔබ වැරදියි.
Rohana Monday, 03 May 2021 11:05 AM
ඉන්දියාව ඇස්ට්‍රා සෙනිකා කොවිෂීල්ඩ් එන්නත අපනයනය අත්හිටුවා ඇති නිසා පළමු මාත්‍රාව ලබාගත් අයට දෙවෙනි මාත්‍රාව අහිමිවෙයිද? එසේනම් ඒ වෙනුවට වෙනත් වර්ගක එන්නතක් ආදේශ කිරීමෙන් බලාපොරොත්තුවන ප්‍රතිඵලය ලැබෙයිද?
vikum Monday, 03 May 2021 04:25 PM
සැබවින්ම මේවා පුදුම සහගත ප්‍රකාශන, විදේශයක සිටින මා දැනට බයෝ ඇන් ටෙක්තික් එන්නත් ලබාගත් පුද්ගලයෙකි. මෙම රටෙ සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරන විදියට නම් දින හතලිස් පහක් ඇතුලත දෙවන එන්නත් මාත්‍රාව ලැබිය යුතුයි. අනික කිසිම විද්‍යාත්මක නියැදි පරීක්ෂණ නොමැතිව මෙහෙම ප්‍රකාශන වගකිව යුතු ආණ්ඩුවක් විදියට ප්‍රකාශ කිරීම යුක්ති සහගතද? එක්කො ජනාධිපති පැහැදිලිවම කිව යුතුයි එන්නත් ගන්න මුදල් නැහැ, කියන කාරණය... අඩුම වශයෙන් මිනිස් ජීවිත පිලිබද වගකීමෙන් කටයුතු කල යුතුයි...