(රොමේෂ් මධුෂංඛ )
ලන්ඩන් නුවර සිට යාපනය කන්දර්මඩම් ප්‍රදේශයට පැමිණි යාපනයේ පදිංචි කාන්තාවක් කොරෝනා වයිරසය අසාදනය වී ඇතයි සැකපිට යාපනය ශික්ෂණ රෝහලට අද (18) උදෑසන ඇතුළත් වී ඇත.
මෙම කාන්තාව කන්දර්මඩම්හි පදිංචි 73 හැවිරිදි වියේ පසුවන අතර එම කාන්තාව පසුගිය සතියේ යාපනයට පැමිණ ඇත. කාන්තාවගේ සිරුරේ ඇති වූ කිසියම් අසනීප තත්වයක් හේතුවෙන් පවුලේ ඥාතීන් කොරෝනා දැයි බිය වී ඇය යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.
කෙසේ නමුත් මෙම කාන්තාවට නිශ්චිතවම කොරෝනා වයිරසයදැයි මෙතෙක් හඳුනාගෙන නොමැති අතර වෛද්‍ය පරික්ෂණ කටයුතු සිදු කිරීමෙන් පසුව නිගමනයකට ඒමට හැකිවනු ඇතැයි යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් පවසති.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කොරෝනා දැයි සැක ලන්ඩන් සිට පැමිණි කතක් යාපනය මහරෝහලට
Indika Wednesday, 18 March 2020 05:30 AM
මෙහෙන් ලන්ඩන් ගිහින් පාවා දීල, එහෙන් මෙහෙට විශබීජ අරන් ආපු කෙනෙක් නෙවේ නේද? මොනවා වුනත් මිනිස්සු විදිහට අපි සලකනවා. බය වෙන්න එපා.