IMG-LOGO

කොරෝනා ගැන සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර ගෙන ගිය කාන්තාවක් අත්අඩංගුවට

(ඉන්දිකා රාමනායක)

කොරෝනා වසංගතය සම්බන්ධයෙන්  සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ  විවිධ අසත්‍ය   ප‍්‍රචාරය පළ කළ කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව   මගින්   අත්අඩංගුවට ගත් බව පොලිස් මුලස්ථානය කියයි.
 
අත්අඩංගුවට ගත් සැකකාරි නාල්ල,  දිවුල්දෙණිය, මීරිගම ප‍්‍රදේශයේ පදිංචි (50) හැවිරිදි කාන්තාවක් බව  පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි   ජාලිය සේනාරත්න මහතා පැවසීය.
මැය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් විමර්ශන සිදුකර  ඊයේ (16) පස්වරුවේ ඇය අත්අඩංගුවට ගෙන තිබිණි.
 
කොරෝනා වයිරසය  ව්‍යාප්තිය සම්බන්ධයෙන්  සමාජ ජාලා   ඔස්සේ  විවිධ  අසත්‍ය ප‍්‍රචාර පළ කළ    පුද්ගලයන්  17 දෙනෙකු මේ දක්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට  ගෙන ඇති බවද  ජාලිය සේනාරත්න මහතා පැවසීය.
 
මින්   දෙදෙනකු කාන්තාවන් බවද හෙතෙම කියා සිටියේය.කොරෝනා  සම්බන්ධයෙන්    අසත්‍ය ප‍්‍රචාර  සිදුකළ හා ඒවා  හුවමාරු කළ පුද්ගලයන්  පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සදහා  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  තවදුරටත් පරීක්ෂණ පවත්වන බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.


අත්අඩංගුවට ගත් සැකකාරිය  කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
 



අදහස් (1)

කොරෝනා ගැන සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර ගෙන ගිය කාන්තාවක් අත්අඩංගුවට

Prabha Friday, 17 April 2020 11:36 AM

මටනම් මේක පෙන්නේ විකාරයක් හැටියට.

:       36       101

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 437 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site