IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


කොරෝනා එන්නත්වලට මුදල් වැයවුණේ මෙහෙමයි

(සුජිත් හේවාජුලිගේ)

කොරෝනා මර්දන එන්නත් මිලදී ගැනීමට රුපියල් කෝටි එක්දහස් පන්සිය හතළිස් හයක පමණ මුදලක් ශ්‍රී ලංකා රජය මේ දක්වා වැය කර ඇතැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

රජය මේ දක්වා මිලදී ගෙන ඇති එන්නත් ප්‍රමාණය අසූ හත් ලක්ෂ අනූ පන් දහස් අට සිය තිහකි.

මෙයට අමතරව එන්නත් තිස් තුන් ලක්ෂ හැට හතර දහස් එක සියයක් මෙරටට ප්‍රදාන වශයෙන් ලැබී ඇත .

 

මේ අනුව මෙරටට මේ දක්වා ලැබී ඇති මුළු එන්නත් ප්‍රමාණය එක්කෝටි විසි එක් ලක්ෂ පනස් නව දහසකි .

සයිනොපාම් එන්නත් මාත්‍රා ලක්ෂ අනූ එකක්ද මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ පහළොවක්ද ඇස්ට්‍රාසෙනිකා එන්නතේ මාත්‍රා දොළොස් ලක්ෂ හැට හතර දහසක්ද ස්පුට්නික් එන්නත් මාත්‍රා එක්ලක්ෂ අසූදහසක්ද ෆයිසර් එන්නත් මාත්‍රා එක්ලක්ෂ පහළොස් දහස් අටසිය තිහක්ද මෙරටට මේ දක්වා ලැබී ඇතැයිද ජයසුමන මහතා ප්‍රකාශ කළේය.

 



අදහස් (8)

කොරෝනා එන්නත්වලට මුදල් වැයවුණේ මෙහෙමයි

Narada Monday, 26 July 2021 12:35 PM

ඔබගේ දුෂ්කර කර්තව්‍යයට ස්තුතියි.. ගොඩාක් දෙනා එය අගයකොට සලකන්නේ නැහැ.

:       1940       1713

සෙනවිMonday, 26 July 2021 01:25 PM

ඔබ කියන දුෂ්කර කාර්ය කුමක්ද? ජයසුමන මහතා කියන දේ අදහන්න පුළුවන්ද? දැන් කියනවා ඔලිම්පික් නිසා ජපානයෙන් ගේන එන්නත් තොගය පමා වෙනවලු. ජපානයට ඔලිම්පික් ආවේ අද ඊයේද?. වරක් ඔහු පැණියක් ගැන කතා කළා. හිතනවද අපි මෝඩයෝ කියලා...

:       1314       1641

Don perera Monday, 26 July 2021 01:52 PM

මේ අය කියන ඕනෙම දෙයක් පිළිගන්න ජාතියක්... මෝඩ රැළක්...

:       908       1098

DonTuesday, 27 July 2021 01:53 AM

විවිධ ජාතිවලින් මිනිස්සුන්ට ගහද්දී ලොකු අසාධාරණයක් වෙනවා.

:       0       0

Asanga Monday, 26 July 2021 01:59 PM

රටේ බොහෝ කුහකයින් මේවා අගයන්නේ නැහැ. ක්‍රියාවලියේ ප්‍රශ්න තියෙනවා තමයි. හැබැයි අගය කළ යුතු දේ අගය කළ යුතුයි. පාට, පක්ෂ, නොබලා...

:       1458       1342

බමුණු.Monday, 26 July 2021 03:13 PM

මේ අය කියන්නේ අගයන්න පුළුවන් දේවල්ද? වාරකන් කාලෙට කැස්බෑවන් ඇවිත් ගල්පර වල වැදී මැරෙනවා කිව්වේ මෙයානේ... ඉතින් කොහොමද අගයන්නේ? කොහොමද කියන ඒවා විශ්වාස කරන්නේ. අසංගලා වගේ අය ඔය කතා විශ්වාස කරන්න. ඒකට කමක් නැහැ. ඒත්, මෝඩකමට අනිත් අයට බනින්න එපා....

:       193       432

Malika Monday, 26 July 2021 02:44 PM

මේ අයගේ වැඩවලට විරුද්ධ මත ප්‍රකාශ කළ පමණින් කුහකයින් කියා සලකන්න එපා. මෙයාලගේ නාට්‍ය දර්ශන, බොරුවලට රැවටිලා දැන් එපාම වෙලා ඉන්නේ. මම ඇතුලු තව බොහෝ අය ඇස්ට්‍රාසෙනිකා එන්නත් එනකම් දැන් මාස 5ක් බලන් හිටියා. හැමදාම කියනවා අද ආවලු, හෙට එනවලු. ඒත් ආපු දෙයක් නම් තාම නෑ. දැන් අපිට ගහපු එන්නතේ බල බිඳිලා නම් මොකද වෙන්නේ...? මේවාට කව්ද උත්තර දෙන්නේ...? කතා කරන අය දේශද්‍රෝහි කියලා හංවඩු ගහන්න එපා. ඒ අයගේ පැත්තෙනුත් හිතා බලන්න. බොරුවෙන් හැමදාම හැමෝම රවටන්න බැහැ.

:       117       449

ගමේ එකාලා Monday, 26 July 2021 03:11 PM

මොන දේශපාලුවන් ද හරියට ඇත්තක් කියන්නේ..? බොරු බේගල් ගහලා ජනතාව ගොනාට අන්දවපු එකමනේ කෙරුවේ... අන්තිමට අපි රැවටුණු එකයි සිද්ද වුනේ...

:       157       166

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 575 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2271 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site