IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


කොරෝන ආසාදියින් හඳුනාගන්න රත්නපුර රෝහලට නව පී සී ආර් යන්ත්‍රයක්

(අජිත්ලාල් ශාන්තඋදය)

කොරෝනා  වයිරසය  හඳුනාගැනීමට වෛද්‍ය පර්යේෂණ සඳහා අත්‍යවශ්‍ය  නවීන පීසීආර් යන්ත‍්‍රයක් රත්නපුර ශීක්‍ෂණ රෝහලේ ස්ථාපිත කළ බව රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය අනූජ් රුද්‍රිගු මහතා පවසයි.
 
කොරෝනා රෝගීන් සඳහා ප‍්‍රතිකාර කිරිමට රත්නපුර මහ රෝහලේ ඇඳන් 24කින් සමන්විත වාට්ටුවක් මේ වන විට වෙන්කර ඇත. රත්නපුර ප‍්‍රදේශයෙන් මේ වනවිට කොරෝනා බවට සැකකරන රෝගීන් තිදෙනෙක් හමුවී තිබේ. ඔවුන් දැනට අයිඞීඑච් රෝහලේ ප‍්‍රතිකාර ලබයි.
 
රත්නපුර ශික්‍ෂණ රෝහලේ ස්ථාපිත කළ පීසීආර් යන්ත‍්‍රය ක‍්‍රියාකරවීමට අවශ්‍ය පුහුණුව ලබාදීම සඳහා නිලධාරීන් පිරිසක් රාගම රෝහලට යවා ඇති බවද රෝහල් අධ්‍යක්‍ෂවරයා කීවේය. පුහුණව නිම කර පැමිණි පසු ඉදිරි දින දෙකතුළ රත්නපුර ශීක්‍ෂණ රෝහලේ දී කෝවිඞ් 19 වෛරසය අඩංගු රෝගීන් හඳුනා ගැනීමේ පරීක්‍ෂණ සිදුකළ හැකි බවද රෝහල් අධ්‍යක්‍ෂවරයා අවධාරණය කළේය.
 
මෙම යන්ත‍්‍රය භාවිතයට ගැනීමෙන් පසු යම් පුද්ගලයෙකුට කොරෝනා ආසාදිත බවට හදුනාගැනීමට ඔහුගේ පටල සාම්පල කොළඹට යැවීමට අවශ්‍ය නොවන බවද රෝහල් අධ්‍යක්‍ෂවරයා රත්නපුර දිස්ත‍්‍රික් කොරෝනා රෝග මර්දන කමිටුවට ද දැනුම් දුන්නේය.
කෝවිඞ් 19 වෛරසය ආසාදිත බවට සැකකරන රෝගියෙකුගේ පටල සාම්පල පැයක් හයක් වැනි කෙටි කාලයක් තුල පරීක්‍ෂා කර තහවුරු කර ගැනීමට රත්නපුර රෝහලේ ස්ථාපිත කළ පීසීආර් යන්ත‍්‍රයෙන් හැකියාව ලැබෙන බවද රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය අනූජ් රුද්‍රිගු මහතා අවධාරණය කළේය.



අදහස් (0)

කොරෝන ආසාදියින් හඳුනාගන්න රත්නපුර රෝහලට නව පී සී ආර් යන්ත්‍රයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31451 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13738 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11050 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 145 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1059 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 294 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site