IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


කොරෝනා ආසාදිත සිසුවෙකු හමුවීමෙන් ප්‍රංශයේ පාසල් 7 ක් වැසේ

පාසල් සිසුවෙකුට කොරෝනා වයිරසය වැළඳී ඇතැයි තහවුරු වීමෙන් පසු ප්‍රංශයේ රූබයික්ස් නගරයේ පාසල් 7 ක් වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

අදාළ ආසාදිත දරුවා සමඟ සම්බන්ධතා පැවැත්වූ ළමුන්ගේ පවුල්වල සාමාජිකයින් දැනුවත් කිරීමට ද ක්‍රියාකරන බව බලධාරීහු සඳහන් කළහ.

වසා දැමූ පාසල්වල අධ්‍යාපන කටයුතු දුරස්ථ ක්‍රමයට ක්‍රියාවට නැංවේ.

එරට අගුලුදැමීමේ සීමා ලිහිල් කිරීමත් සමඟ ප්‍රංශයේ පාසල් පසුගිය සතියේ යළි විවෘත කිරීමට කටයුතු කරනු ලැබීය.

එහෙත් ආසාදිත රෝගීන් වාර්තා වීම හේතුවෙන් ඇතැම් පාසල් තවමත් වසා දමා තිබේ.

අධ්‍යාපන අමාත්‍ය ජීන් මයිකල් බ්ලැන්කර් මහතා පැවසුවේ පසුගිය සතියේ යළි ආරම්භ කළ පාසල් 40,000 කින් පමණ වෛරසය ආසාදනය වූ රෝගීන් 70 දෙනෙකු වාර්තා වී ඇති බවයි.

ඒ අනුව බලපෑමට ලක්වී ඇති සියලු පාසල් වසාදැමීමට පියවර ගෙන ඇතැයි ඔහු සඳහන් කළේය.

කෙසේ වුවත් ඔහු සඳහන් කරන්නේ දරුවන්ට ඉගැන්වීමෙන් වැළකී සිටීම බරපතළ ප්‍රතිවිපාක ගෙනදීමට හේතු විය හැකි බවයි.

අපගේ දරුවන් සෞඛ්‍යමය ක්‍රියාමාර්ගවලට ලක් නොවිය යුතු බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ සංඛ්‍යාලේඛන අනුව මේ වන විට ප්‍රංශයෙන් වාර්තා වී ඇති කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 179,693 කි.

වයිරසය හේතුවෙන් මේ වන විට මරණ 28,111 ක් එරටින් වාර්තා වී තිබේ.


-226-

(බීබීසී ඇසුරෙනි)



අදහස් (1)

කොරෝනා ආසාදිත සිසුවෙකු හමුවීමෙන් ප්‍රංශයේ පාසල් 7 ක් වැසේ

Laksitha Paris Monday, 18 May 2020 08:06 PM

මම නම් දන්නේ නැහැ . මගේ ළමයි ගෙදර තාම. තාම වහලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31670 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14131 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11112 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 188 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1118 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site