IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


කොරෝනා ආසාදිතයින් සිටින වැලිකන්ද රෝහලට පැය 24 න් අලි වැටක්

(නිමල් ජයරත්න)

කොරෝනා ආසාදිතයින් රඳවා සිටින  වැලිකන්ද රෝහල වන අලින්ගෙන් ආරක්ෂා කිරිම සඳහා  රෝහල වටා පැය 24 ක් තුළ අලි වැටක් ඉදි කිරිමට  පියවර ගත් බව පොළොන්නරුව කලාප වනජිවි සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්.එම්.කිර්ති චන්ද්‍රරත්න මහතා අද (18) පැවසිය.

පොළොන්නරුව රෝහලේ රඳවා සිටින කොරෝනා ආසාදිතයින් මෙම රෝහලට ගෙනවිත් ප්‍රතිකාර කටයුතු සිදු කෙරේ. මේ වන  ආසාධිතයින් 5 දෙනකු රඳවා සිටිති.
 
ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරක්ෂක අමාත්‍යංශයේ මෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හදිසි ඉල්ලිම මත වනජිවි සහ සිවිල් ආරක්ෂක නිලධාරින් 50 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඉදිකළ  මෙම විදුලි වැටට අමාත්‍යංශයේම අවශ්‍ය උපකරණ හා ප්‍රතිපාදන යොදා ගත් බවද චන්ද්‍රරත්න මහතා වැඩිදුරටත් කිවේය.
 
ජාතික අවශ්‍යතාවයක් ලෙස සලකා රෝහල වටා කිලෝමිටර් එක හමාරකින් යුත් වපසරියකින් යුත් මෙම විදුලිවැට ඉදිකිරිමට පොළොන්නරුව, වැලිකන්ද,  සුංගාවිල, වෙහෙරගල යන වනජිවි කාර්යාලවල සේවය කරන නිලධාරින්ගේ පුර්ණ සහය හිමි වු බවද චන්ද්‍රරත්න මහතා කිය.
 
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සියලු වනජිවි නිලධාරින් වැටුප් වැඩි කිරිම ඇතුලු ඉල්ලිම් කිහිපයක් මුල් කරගනිමින් වෘත්තිය ක්‍රියාමාර්ගයක නියැලිමට සිටියද එම ක්‍රියාමාර්ගය අත් හිටුවමින් ජාතික අවශ්‍යතාවයක් ලෙස සලකා වැලිකන්ද කොරෝනා ආසාධිතයන්ගේ රෝහල වටා මෙම අලිවැට පැය 24 ක් තුළ ඉදිකරගැනිමට හැකියාව ලැබුණ බවද වනසත්ව අඩවි ආරක්ෂකවරුන්ගේ සම ලේකම් ඩබ්ලිව්.එම්.කුමාරසිරි විජේකෝන් මහතා සඳහන් කළේය.



අදහස් (3)

කොරෝනා ආසාදිතයින් සිටින වැලිකන්ද රෝහලට පැය 24 න් අලි වැටක්

chinthana Wednesday, 18 March 2020 06:17 AM

මේ ආසාධිතයන් අතර ප්‍රභූ කවුරුහරි හෝ වනජීවී නිලධාරියෙකුගේ කවුරුහරි ඇති. ඔය ආසාධිතයන් එනකල් ඔය රෝහලට අලි ආවේ නැද්ද? මෙතෙක් කල් ඔය රෝහලේ හිටිය රෝගීන් කොරෝනා ආසාධිතයන් තරම් වටින්නේ නෑ. ඒකයි මෙච්චර කල් නොගහපු අලි වැට පැය 24න් ගැහුවේ.

:       97       213

අනුර Wednesday, 18 March 2020 07:48 AM

අපගේ අහිංසක ගොවි ජනතාවගේ භවභෝග මෙන්ම ඔවුන්ගේ ජීවිතය ආරක්ෂා කරගැනීමට මෙවන් කඩිනම් වැඩ කිරීමට වනජීවී දෙපාර්තමේන්තුව ට හා බලධාරීන්ට නුවන පහල වේවා

:       0       70

රවින් Wednesday, 18 March 2020 08:31 AM

ඔය රෝහලට ගෙනයායුතුම පුද්ගලයෙක් නම් ඉන්නවා. ඔය පැත්තේම කෙනෙක්... හැබැයි ඉතින් මෑන්ස් නොට් ෂුවර් අලින්ටත් ඇනලා වැටෙන් පනියි. මිනිහා කටුස්සා වගේ වෙනස් වේවි උකුස්සා කියලා තමයි හිතාගෙන ඉන්නේ...

:       0       53

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31344 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13564 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 965 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site