IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර සඳහා වෙන් කළ වැලිකන්ද රෝහල විවෘත කරයි

(නිමල් ජයරත්න)
 
කොරෝනා ආසාදිතයින්ට  පමණක්  ප්‍රතිකාර කිරිමට සුදානම් කළ වැලිකන්ද  මුලික රෝහල  අද ( 20 ) සිට විවෘත  කළ බව පොළොන්නරුව මහරෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර මහතා පැවසිය.
 
ඊයේ (19)  රාත්‍රි 8  පමණ ආගමික වතාවත් මධ්‍යයේ විවෘත වු වැලිකන්ද කොරෝනා  ආසාදිත ප්‍රතිකාර රෝහල තුළ හදිසි ප්‍රථිකාර ඒකකයක් ඇතුලු රෝගින් 50 කට ආසන්න ප්‍රමාණයකට ප්‍රථිකාර කිරිමේ හැකියාව ඒ තුළ පවතින බවද ඉන්දික කුමාර මහතා සදහන් කළේය.
 
ශ්‍රී ලංකා යුද හමුදාව ,  සෞඛ්‍ය වෛද්‍ය  කාර්ය මණ්ඩලය එක්ව පැය 72 ක් තුළ  ප්‍රතිනිර්මාණය කරන ලද වැලිකන්ද විශේෂ කොරෝනා ආසාධිත මධ්‍යස්ථානය ජාතික බෝවන රෝග විද්‍යායතනයටත් නොදෙවෙනි පහසුකම් රැසකින් සමන්විත බව සම්පත් ඉන්දික කුමාර මහතා සදහන් කලේ රෝහල විවෘත කිරිමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
 
මෙහිදි මාධ්‍යවෙත අදහස් දැක්වු රෝහල් අධ්‍යක්ෂ සම්පත් ඉන්දික කුමාර මහතා මෙලෙසද කීය.
 
ජනාධිපතිතුමාගේ , යුද හමුදාපතිතුමා, සෞඛ්‍ය අධ්‍යක්ෂතුමාගෙත් උපදෙස් අනුවයි අපි වැලිකන්ද මුලික රෝහල කොරෝනා ආසාදිත ප්‍රථිකාර මධ්‍යස්ථානයක් විදිහට ස්ථාපිත කලේ.  අපි මුලින්ම කන්දකාඩු සහ පූනානි ප්‍රදේශවලින් රැගෙන ආපු රෝගින් යැවුවේ අයි.ඩි.එච්. රෝහලට. ඒ තත්වය අපහසු බව තේරුම්ගත් ජනාධිපතිතුමා අපිට උපදෙස් දුන්නා මේ කටයුත්තට පොළොන්නරුව ප්‍රදේශයේ පහසු තැනක් තොරගන්න කියලා.
 
ඒ අනුව වැලිකන්ද මුලික රෝහලේ අදාල කටයුතු සෞඛ්‍ය සේවා නිලධාරි කාර්යාලයට මාරු කරලා අපි මේක පැය 72 ක් ඇතුලත ප්‍රතිනිර්මාණය කරලා අයි.ඩී.එච්. රෝහලටත් නොදෙවෙනි පහසුකම් ඇති කොරෝනා ආසාධිත මධ්‍යස්ථානයක් බවට පත්කර ගත්තා.
 
පොළොන්නරුවේ දැනට ප්‍රථිකාර ලබන කොරෝනා ආසාධිත රෝගින් 25 දෙනෙකු විසි වෙනිා වනවිට වැලිකන්ද රෝහලට අපි ගේනවා ඒ වගේම ඉදිරියේදි කණ්දකාඩු සහ අනෙකුත් කොරෝනා රෝගින් බවට සැක කරන මධ්‍යස්ථානවල සිටින අයයම් අසාධ්‍ය තත්වයක් ඇති වුණොත් ඒ අයත් මේකට ගේනවා.
මෙම ස්ථානයට සෞඛ්‍ය අධ්‍යක්ෂ අනිල් ජාසිංහ මහතාගේ උපදෙස් අනුව විශේෂ කාර්යමණ්ඩලයක් යොදවල් තියෙනවා. ඒ කාර්යමණඩලයටත් අවශ්‍ය පහසුකම් ලබාදිමට මහවැලි අධිකාරියට අයත් සියලුම නිවාඩු නිකේතන අත්පත් කරගෙන ඔවුනට ලබා දිමට අපි සැලසුම් කරලා තියෙනවා.


 



අදහස් (5)

කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර සඳහා වෙන් කළ වැලිකන්ද රෝහල විවෘත කරයි

saman Friday, 20 March 2020 07:21 AM

කිසිවෙකුට මෙහි ප්‍රතිකාර ගැනීම සඳහා ඇතුලත් වීමට අවස්තාව නොලබෙවායි පතනවා. කොරෝන උවදුර හැකි ඉක්මනින් ලංකාවෙනුත් මුළු ලෝකයෙනුත් තුරන් වේවා

:       0       1

Kumara Friday, 20 March 2020 08:05 AM

ඉතාම හොඳයි ඔවුන්ට උපහාරය.

:       0       1

de silva Friday, 20 March 2020 08:47 AM

ඕක මදි වේවි , රෝගින් අඩු ග්‍රාමීය රෝහලවල් කොරෝන සදහා පිළිසකර කරගන්න , කොරෝන හැදුනොත් රෝගියෙක් මාසයක් විතර ප්‍රතිකාර ලබනවා

:       1       0

siri Friday, 20 March 2020 09:15 AM

ඉතා ඉහලින්ම අගේ කලයුතු වැඩක්. අනෙත් පළාත්වලත් මේවගේ අවශ්‍ය රෝහල් අප්‍රමාදව නිර්මාණය කලයුතුයි. අපේ රට මේ වියරු වසංගතයෙන් ගලවා ගැනීමට සියලුම දෙනාට හැකිවේවා.

:       0       1

Rasik Friday, 20 March 2020 09:37 AM

වැඩේ හොඳයි, ස්තුතියි. ෆොටෝ අනුමත නොකරමි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31349 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13568 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 968 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site