IMG-LOGO

කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කරන්න ඇඳුම් කට්ටල 350 ක්

(ජේ.කේ.එල් චාමින්ද)

දකුණු පළාතේ සියලු රෝහල් සඳහා කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය සම්පූර්ණ ආවරණ සහිත ඇඳුම් කට්ටල 350 ක් පළාතේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව හරහා කඩිනමින් ලබා දීමට කටයුතු කළ බව දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලය පවසයි.

කරාපිටිය ශික්ෂණ රෝහල ඇතුළු පළාතේ අනෙකුත් රෝහල් වල කාර්ය මණ්ඩල සඳහා ඇදිරි නීතිය පැවැත්වෙන දින වල දී සහ අනෙකුත් දිනයන්හි දී අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ලබා දීම සඳහා පළාත් සභාවේ අතිරික්ත වාහන ලබා දෙන ලෙස දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලිගමගේ මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

මේ සඳහා පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ  සහාය ලබා ගැනීමට කටයුතු කර ඇත.

පළාත් පාලන ආයතන විශබීජහරණය කිරීම සඳහා තෙල් ඉසින යන්ත්‍ර ලබාදීමටද කටයුතු කර ඇති අතර එම කටයුතු සඳහා අවශ්‍ය වන සේවකයන් දෛනික පදනම යටතේ බඳවා ගැනීමට අවශ්‍ය අනුමැතිය ලබා දෙන ලෙස පළාත් පාලන කොමසාරිස්වරයා වෙත ආණ්ඩුකාරවරයා නියෝග  කර ඇත.

කොරෝනා රෝගය රට තුල ව්‍යාප්ත වීමත් සමඟ ඇති වී තිබෙන තත්වයන්ට මුහුණ දිම සඳහා  ආණ්ඩුකාරවරයා විසින් ප්‍රධාන ලේකම්වරයා, අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු සියලු මාණ්ඩලික නිලධාරීන්ට දුරකතන සක්‍රීයව තබා ගෙන සූදානමින් සිටින ලෙස ලිඛිත උපදෙස් ලබාදී ඇති බවද ආණ්ඩුකාර කාර්යාලය පවසයි.
 



අදහස් (0)

කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කරන්න ඇඳුම් කට්ටල 350 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 403 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 973 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1352 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site