IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


කරන්දෙණිය පී.එච්.අයි ඝාතකයාගේ දරුවන් පොලිස් ඇදුම් සමග මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කරන්දෙණිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක රොෂාන් කුමාර ව්තානච්චි මහතා වෙඩිතබා ඝාතනය කළ වෙඩිකරුගේ පුතුන් දෙදෙනා පොලිස් නිල ඇඳුම් සමග අත්අඩංගුවට ගත් බව ගෑන්ඩ්පාස් පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කිත්සිරි කුමාර මහතා පැවසීය

එම සැකකරුවන් දෙදෙනා සමග පොලිස් නිලධාරීන් භාවිතා කරනු ලබන අංක දෙකේ නිල ඇඳුමේ උඩුකය නිල ඇඳුම් හතරක් පොලිස් භාරයට ගෙන ඇත

ගෑන්ඩ්පාස් පොලිසියේ නිලධාරීන් සහ මහජන සාමය කළමනා කරන කොට්ඨාසයේ නිලධාරීන් ඒකාබද්ධව කැලණිතිස්ස විදුලි බලාගාරය අසල විශේෂ මාර්ග බාධකයේදී සැකකටයුතු මෝටර් රථයක් නවතා පරික්ෂා කිරීමේදී මෙම පොලිස් නිල ඇඳුමේ උඩුකය කොටස් හතර හමු වූ බව පොලිසිය සඳහන් කරයි

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් සිදුකළ ප්‍රශ්නන කිරීමේදී විදේශ රටක සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු ලබාදුන් දුරකථන ඇමතුමක් අනුව මෙම පොලිස් නිල ඇඳුම් උඩුකය කොටස් මට්ටක්කුලිය ප්‍රදේශයේ සුපිරි වෙළෙඳ සැලක් අසලට පික්මි මෝටර් රථයක් යොදාගෙන රැගෙන යන බවට අනාවරණය වූ බව පොලිසිය කියයි

එම සැකකරුවන් දෙදෙනාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී මෙම පොලිස් නිල ඇඳුමේ උඩුකයේ කොටස මත්තෙගොඩ පොලිසියේ අත්හැර දමන ලද බැරක්කයක තිබී ගත් බවට අනාවරණය කළ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය

මෙම නිල ඇඳුම් උඩුකය කොටස් මට්ටක්කුලිය සුපිරි වෙළඳසැල අසලට රැගෙන යාම වෙනුවෙන් සිතට සතුට දනවන මුදලක් තමන් වෙත ලබාදෙන බවට විදේශ ගතව සිටින පුද්ගලයා දුරකථනය හරහා පැවසූ බවද සැකකරුවන් වැඩිදුරටත් පවසා ඇත

 



අදහස් (0)

කරන්දෙණිය පී.එච්.අයි ඝාතකයාගේ දරුවන් පොලිස් ඇදුම් සමග මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 20149 19

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18089 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10831 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 513 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 156 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 822 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site