IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


කොරෝනාවෙන් ආරක්ෂා වෙන්න උපදෙස් මාලාවක්

(ඩයනා උදයංගනී)

කොරෝනා හෙවත් කොවිඞ් 19 රෝගයෙන් ආරක්‍ෂාවීම සඳහා ජනතාව අනුගමනය කළ යුතු පියවර පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මගින් දැනුවත් කිරීමක් කර තිබේ.

කොරෝනා යනු වයිරස ආසාදනයක් වන අතර එය රෝගියකුගේ කෙළ බිඳිති මගින් තවත් අයෙකුට බෝ වේ.

එයින් ආරක්‍ෂාවීම සඳහා පහත පියවර අනුගමනය කළ හැකි බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

 

* කහින විට හෝ කිවිසුම් යන විට අන් අයගෙන් ඉවතට හැරීම.

* නාසය හෝ මුඛය ටිෂූ කඩදාසියකින් හෝ නැවූ වැළමිටේ ඇතුළු පැත්තෙන් ආවරණය   කරගැනීම.

* භාවිත කළ ටිෂූ කඩදාසි වැසිය හැකි කසළ බඳුනකට දැමීම.

* තැන තැන කෙළ නොගැසීම.

* සබන් යොදා නිතර දෑත් සේදීම.

* ජනතාව එක් රැස්වන ස්ථානයන්ට නොයා සිටීම.

* එවන් ස්ථානවලදී කිට්ටු වී කතාබස් කිරීමෙන් වැළකීම හා කතාබහ කරන අවස්ථාවල මීටර 1ත් 2ත් අතර දුරකින් සිටීම.

* නිකරුණේ බිත්ති, අත්වැටවල් ආදී මතුපිටවල් ඇල්ලීමෙන් වැළකීම.

* සංචාරවලින් වැළකී සිටීම.

* ඇස්, කට, නාසය හා මුඛය ඇල්ලීමෙන් වැළකීම.

* සිප වැළඳගැනීමෙන් හා අතට අත දී ආචාර කිරීමෙන් වැළකීම.

* උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ වේදනාව හෝ හුස්ම ගැනීමේ අපහසුතා පවතින්නේ නම් හැකිතාක් ජනතාව ගැවසෙන ස්ථානවලින් ඉවත් වී සිටීම.

* එවන් අවස්ථාවක වෛද්‍ය උපදෙස් ලබාගැනීම හා දින 14ක් ඇතුළත කළ විදෙස් සංචාර වේ නම් ඒ පිළිබඳව වෛද්‍යවරයා දැනුවත් කිරීම.



අදහස් (1)

කොරෝනාවෙන් ආරක්ෂා වෙන්න උපදෙස් මාලාවක්

Mahee Friday, 13 March 2020 08:17 PM

මගෙනුත් ඔන්න උපදේශයක්. 'ඡන්ද කාලේ ගෙදරට අර හිඟන ගොයියලා මුඛවාඩම් බැඳගෙන ආ යුතුයි'. අඩු ගණනේ කනක් අැහිලාවත් ඉන්න බැරියැ අප‍ට...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 8 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 856 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2492 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site