IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කොරෝනාවට පසු ලොකුම සමුළුව පෙබරවාරියේ

(අංජුල මහික වීරරත්න)

මෙරට පැවැත්වීමට නියමිත එක්සත් ජාතින්ගේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වන ආසියා පැසිපික් කලාපීය සමුළුවේ සංවිධාන කටයුතු පිරික්සීම සඳහා  ආසියා පැසිපික් කලාපීය ප්‍රධාන කාර්යාලයේ නිලධාරීහු පිරිසක් පැමිණියහ.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 ආසියා පැසිපික් කලාපීය සමුළුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙබරවාරි 19 සිට 22 දක්වා කොළඹ දී පැවැත්වේ.

ආසියා හා පැසිපික් කලාපයේ රටවල් 42ක නියෝජිතයන්  200කට ආසන්න පිරිසක් ද කෘෂිකර්ම අමාත්‍යවරුන් 40 දෙනෙක් ද සමුළුවට සහභාගී වීමට නියමිතය. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Qu Dongyu මහතා ඇතුළු ඉහළ නිලධාරී  පිරිසක් ද මීට සහභාගී වීමට නියමිතය.

කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසූයේ කොවිඩ් 19 වසංගත තත්ත්වය හා ඉන්පසුව ඇති වු ආර්ථික අර්බුදයෙන් පසුව වැඩිම රාජ්‍ය නියෝජිතයින් පිරිසක් එක්වර සහභාගී වන ජාත්‍යන්තර සමුළුව මෙය බවයි. මෙම වසරේ දී වැඩිම රාජ්‍ය නියෝජිතයින් පිරිසක් සහභාගී වන එකම සමුළුව මෙය බව ද අමරවීර මහතා කීය.

 



අදහස් (3)

කොරෝනාවට පසු ලොකුම සමුළුව පෙබරවාරියේ

Banda Wednesday, 31 January 2024 01:57 PM

මේ තවත් එක කයිවාරු කාරයෙක් තමයි. ‌බොරු කයිවාරුව විතරයි වැඩ බෑ...!

:       2       6

chandima Wednesday, 31 January 2024 06:27 PM

මේ සමුළුවට කළින්වත් තෙල්, පෝර කෘෂි ආම්පන්න වලට බදු අඩුකරලා දුන්නා නම්...!

:       0       0

Perera Thursday, 01 February 2024 04:56 AM

ලන්සා දන්නවද මුන් මොන භාෂාවෙන්ද කතාකලේ කියලා ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site