කරාතේ ක්‍රීඩාවෙන් අන්තර්ජාතික මට්ටමේ ජයග්‍රහණ හිමිකරගත් ශිෂ්‍යාවකගේ අස්වීම් සහතිකය පමා කිරීම නිසා පාසලක් අහිමි විය.
දරණාගම මහා විද්‍යාලයේ කේ වී පූජා ධනංජනී සුරවීර නම් මේ ශිෂ්‍යාවගේ අස්වීම් සහතිකය, දරණගම විදුහලෙන් පමා කිරීම නිසා සපුගස්කන්ද බාලිකා විදුහලේ 10වැනි ශ්‍රේණියේ දොර වැසී ගියේය.
බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් ජයන්ති විජේතුංග මහත්මිය පැවසුවේ දරණාගම මහා විද්‍යාලයෙන් අස්වීම් සහතිකය පමා කිරීම නිසා ශිෂ්‍යාවකට අසාධාරණයක් සිදුව ඇති බව තමන්ට දැනගන්නට ලැබුණු බවයි. ඒ ගැන සොයා බැලීමට විද්‍යාල දෙකටම නිලධාරීන් පිරිසක් යවන බව ද ඇය පැවසුවාය.
2025 දෙසැම්බර් මස 18
208
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කරාතේ ක්‍රීඩිකාවගෙ සහතිකේට විදුහල්පතිගෙන් කරාතේ පහරක්
සමන්ත Monday, 11 June 2012 04:18 AM
මහර මහාමායා බාලිකා විද්‍යාලයේ එක්තරා ගුරුවරයෙක් කළ දෙයක් නිසා මගේ දියනියටත් මෙම අසාධාරණයම සිද්ධ වුණා
ලෙස්ලි හර්බට් විජේසිංහ Sunday, 10 June 2012 03:28 PM
පුදුම ලේකම් කෙනෙක් නේ සහතිකේ ගැන බලන්න පිරිසක් යවනවලු ඕකට එක නිලධාරියෙකු යවූවම මදිද අනේ මෙහෙම නිලදාරීන්
ඇටිකිච්චා Tuesday, 12 June 2012 08:50 AM
නංගී, කරාටේ කළාට කමක් නෑ.ඒත් ඔබේ අධ්‍යාපනයට එය බාධෘවක් කර ගන්න එපා.මෙවන් කුහක අදහස් ඇති සමාජයක ඔබ ඉන් තවත් ධෛර්යමත් වන්න
සිසිර Sunday, 10 June 2012 03:33 PM
අපෝ දැන් විදුහල්පතිල කරන්නෙම මේවගේ දේවල්
දයා සෞදි Sunday, 10 June 2012 03:50 PM
මෙච්චර කරන්න දෙයක් ද ? ගමන් වියදම් බටා යැපීම් දීමනා පවා ඔය අධ්‍යාපන නිලධාරීන්ට ගෙවන්න වෙනවා නේද මේක ටෙලිපෝන් කරලා විසඳන්න හැකියාවක් නැද්ද ?
තිලක් Sunday, 10 June 2012 03:51 PM
තමන් ප්‍රගුණ කල කරාතේ මේ වගේ අයට පාඩමක් උගන්න්වන්න පාවිච්චිකලාට කමක් නෑ දුවේ.
අලිබබා Sunday, 10 June 2012 04:49 PM
ෂහ් මේ පුරස්නේ විසදන්න බෲස්ලිව තමයි ගේන්න ඔනා. උන්දැ ආවනමි දෙකයි දෙන්නේ යා.. යා.. ඔක්කොම ඉවරයි. නමුත් උන්දැ දැන් නෑනොවැ.
අමිල කටුනායක Sunday, 10 June 2012 04:53 PM
මෙයත් අරයගේ නෑයෙක් ද දන්නේ නැහැ.
දුමින්ද Monday, 11 June 2012 11:03 AM
මෙයාට ළමයි නැතුව ඇති නේද ????????
නිහාල් Monday, 11 June 2012 04:40 PM
අනේ අප්පෝ........
පොතේ ගුරා Sunday, 10 June 2012 08:36 PM
අරයගෙම කෙනෙක් වෙන්න ඇති
යසන්ත Sunday, 10 June 2012 11:02 PM
මෙයා පළාත්සභා මන්ත්‍රීගේ බිරිද ඒ නිසා මෙයා හරි සැරයි....
හේවාවිතාරණ Monday, 11 June 2012 12:54 AM
කරාටේ පාරකින්ම රිටන් එක දුන්න නම් ඒ වෙලේම සහතිකේ හම්බ වෙයි
සුභාෂිණි Monday, 11 June 2012 01:28 AM
මේකට තමයි නිලධාරී වාදය කියන්නේ.තමන්ගේ දරුවන්ට වඩා අනික් දරුවෝ ඉහළට යන එක බලන්න බැරි කට්ටිය ඒ දරුවන්ගේ කකුලට පයින් ගහනවා කියන දෙය ලංකාවේ අලුත් දෙයක් නොවේ