IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කරුණානිධි කච්චතිව් ගැන යළි කට අරී

කච්චතිව් දුපතේ අයිතිය සැබැවින්ම ඇත්තේ ඉන්දියාවට මිස ශී්‍රලංකාවට නොවන බව තමිල්නාඩු හිටපු මහඇමති හා ඩී.එම්.කේ පක්ෂයේ නායක කරුණානිධි පවසයි.

ඉන්දියා ශ්‍රේෂ්ඨාධිකරණය කච්චතිව් දුපත ශ්‍රීලංකාවට අයත්යැයි සිටින ස්ථාවරය විවේචනයට ලක්කරමින් ඔහු මේ බව කීය.

කච්චතිව් දුපත් ශ්‍රීලංකාවට පවරා දී ඇති බව සදහන් ලියැවිල්ලේ කිසිදු නීත්‍යානුකූල පදනමක් නොමැති යැයිද වැඩිකල් ගතවීමට මත්තෙන් එය අහෝසි කොට කච්චතිව් දුපතේ සැබෑ හිමිකරුවා වන ඉන්දියාව එය අයත් කර ගත යුතුව ඇතැයිද ඔහු පැවසීය.

1974 දී ශ්‍රී ලංකාවට කච්චතිව් දුපත පවරා දුන් ගිවිසුමට අනුව අන්තර්ජාතික මුහුදු සීමා නීතිය අනුව ඉන්දියාව ශී්‍රලංකාවට කච්චතිව් දුූපත පවරා දී ඇති බවත් නමුත් කච්චතිව් දුපතට ඉන්දියාවට ඇති අයිතිය තහවුරු කෙරෙන වැදගත් ලියැකියවිලි හා ඉතිහාසගත තොරතුරු සම්බන්ධයෙන් ගිවිසුමෙන් කිසිදු අවධානයක් යොමු කෙරී නොමැති බවත් කරුණානිධි පෙන්වා දුන්නේය.

තවද ගිවිසුම අත්සන් කර ඇත්තේ ව්‍යවස්ථාවෙන් සම්මත කර ඇති ක්‍රියාපටිපාටියට බැහැරව යමින් බවත් මේ හේතුව නිසාම ගිවිසුම වලංගු නොවන බවත් ඔහු කීය.

තමිල්නාඩු ධීවරයින්ට ශී්‍රලංකාවෙන් සිදුවන අඩත්තේට්ටම් ගැනද සදහනක් කළ හෙතෙම කච්චතිව් දුූපත ආසන්න මුහුදු තීරයේ මසුන් මැරීමට ඉන්දියා ධීවරයින්ට මුල පටන්ම අයිතිය පැවති බව අවධාරණය කළේය.



අදහස් (0)

කරුණානිධි කච්චතිව් ගැන යළි කට අරී

චතූ Monday, 21 July 2014 07:11 AM

කෝමා තත්ත්වයට පත්වෙලා ඉඳලා නැවත නැගිටලා වගෙයි නේද? (නි)

:       0       0

සේනක Sunday, 20 July 2014 01:14 PM

ආයිත් පටන් අරගෙනද? (නි)

:       0       0

සිල්වා Sunday, 20 July 2014 01:15 PM

අන්තිමට ලංකාවටයි ඉන්දියාවටයි දෙකටම ප්‍රශ්න ඇතිකරයිද දන්නෙ නැහැ (නි)

:       0       0

සයිමන් Sunday, 20 July 2014 02:03 PM

බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)

:       0       0

සමරේ(ගාල්ල) Sunday, 20 July 2014 02:03 PM

ලංකාවයි ඉන්දියාවයි දෙකම අවුල් කරන්න එපා (නි)

:       0       0

ධම්ම Monday, 21 July 2014 06:52 PM

කච්චතිව් ඉන්දියාවට අයිතිව තිබුන නිසා තමයි එය ලංකාවට පවරා දුන්නේ. පැවරීම නීත්‍යානුකූල නොවේ නම් ඔහුට පුළුවන් ඉන්දියානු රජයට අභියෝග කරන්න. හැබැයි අහිංසක මිනිසුන් අවුස්සලා ඒ මුහුදු තීරයට එවන්න එපා මාළු බාන්න. (නි)

:       0       0

බමුණු Saturday, 19 July 2014 09:58 AM

අර මොකාටද මස්කටුවක් ලැබුන වගෙයි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 218 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site