IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කරුණානිධි ඇමෙරිකාවට බනී

ශ්‍රී ලංකාවේ සිදුවී යැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් වන මෙතෙක් පැවති ඇමෙරිකා ස්ථාවරය වෙනස් වීම තමන් හෙළා දකින බව තමිල්නාඩුවේ හිටපු මහ ඇමති හා ඉන්දීය ඩී.එම්.කේ පක්ෂ නායක එම්.කරුණානිධි ප‍්‍රකාශ කර ඇතැයි ඉන්දීය පී.ටී.අයි පුවත් සේවය වාර්තා කරයි.

දේශීය යාන්ත‍්‍රණයක් මඟින් ලංකාවේ යුද සමයේ සිදුවූ යුද අපරාධ පිළිබඳ අකටයුතුකම් සෙවීමට ශ්‍රී ලංකාවේ නව රජය ගත් තීරණයට සහාය දැක්වීමට ඇමෙරිකා එකඟ වීම නොවිය යුතු දෙයක් බවද තමිල්නාඩු හිටපු මහ ඇමතිවරයා පෙන්වා දී ඇතැයි එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

ඇමෙරිකාවේ මෙම තීරණයත් සමඟ ඔවුන් ගැන තවදුරටත් විශ්වාසයක් තැබිය නොහැකි බවත් ,ඒ හරහා ශ්‍රී ලංකාවේ සිදුවූ යුද අපරාධ වසා දැමීමද ඇමෙරිකාවේ මෙම ස්ථාවරය මඟින් සිදුවන බව  කරුණානිධි ප‍්‍රකාශ කොට ඇත.

ඉකුත් සතියේ පැවති ඇමෙරිකා සහකාර ලේකම් නීශා බිස්වාල් මහත්මිය සිය ශ්‍රී ලංකා සංචාරයේදී ශ්‍රී ලංකා රජයේ බලධාරීන් සමඟ ඇති කර ගත් සාකච්ඡා වලින් පසුව තීරණය කරනු ලැබුවේ යුද සමයේ සිදුවූ අකටයුතුකම් පිළිබඳ සෙවීමට දේශීය යාන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක කිරීමට නව රජය ගත් තීරණයට සහාය දීමටය.

    

 



අදහස් (0)

කරුණානිධි ඇමෙරිකාවට බනී

චන්න බුවනක Sunday, 30 August 2015 02:33 PM

අනුන්ගේ දේවල් හොයන් නැතුව තමන්ගේ රටේ අයට වැසිකිලි ටිකක් හදල දුන්නා නම් කරුණානිධි මැරුණම දෙව්ලොව යයි. (නදී)

:       0       0

සොපී Sunday, 30 August 2015 05:51 PM

මෙයා නිදි කියල හිතුවට තාමත් නිදි නැහැනේ ....... ඇහැ ඇරගෙනම දවල් හීන බලනවා (ම)

:       0       0

සුගත් Monday, 31 August 2015 03:53 AM

ඔයාලගේ වැඩක් බලන් ඉන්න මේක සිංහල රට (ම)

:       0       0

නිශාන්ත Tuesday, 01 September 2015 05:51 AM

එයා ඉතින් හැමෝටම බනිනවනේ! (නි)

:       0       0

ඉසුරන්දි Monday, 31 August 2015 04:42 AM

මෙයාලට වෙන වැඩක් නැද්ද මන්දා...(ම)

:       0       0

ගුණවර්ධන Sunday, 30 August 2015 11:27 AM

කරුණානිධි හැමදාම අනුන්ට බනිනවා ඊට පස්සේ කෝවිලටත් යනවා (ම)

:       0       0

දර්ශා Sunday, 30 August 2015 11:43 AM

අර කාශ්මිරයේ වෙන දේවල් මෙයාලට පෙන්නේ නැති හැටියක් ....(බ)

:       0       0

නාරද Sunday, 30 August 2015 11:54 AM

සත්‍යය හෝ අසත්‍ය නිෂ්පාදනය කරන්නේ ඇමරිකානු උවමනාවට බව කරුණානිධි වටගා ගෙන නොමැති බව පෙනේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 292 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 192 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site