IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කුරුණැගල වැවිලි සමාගමෙන් කෝටි 31ක පොල්ලක්

(ජේ.කේ.එල්. චාමින්ද)

කුරුණෑගල වැවිලි සමාගමෙන් හිඟ  බදු මුදල් වශයෙන් රුපියල්  312,737,974 ක මුදලක් වැවිලි කර්මාන්ත අමාත්‍යංශයට අයවිමට ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වි  ඇත.

2024 වර්ෂයේ අප්‍රේල් මස 30 වැනිදිනට මෙම හිග බදු මුදල අයවිමට තිබුණි.

1992 වර්ෂයේ දි   වසර 53ක කාලයක් සදහා  බදු කුලි පදනම මත  රජයේ ඉඩම් මෙකි ප්‍රා දේශිය වැවිලි සමාගමට පවරා දි තිබුණි.

කුරුණැගල වැවිලි සමාඟමෙන්  හිග බදු කුලි වශයෙන් රුපියල් එක්කෝටි,තිස්හත්ලක්ෂ ,හැටනමදහස්, හත්සියපනහක  (13,769,750)  මුදලක්  අයකරගෙන ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍යංශය විසින් විගණනයට සදහන් කොට තිබුණි.

හිග බදු හා වාර්ෂික බදු ආදායම  නියමිත පරිදි අයකරගැනිමට  විධිමත් පියවරගතයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.

 

 

 

 

 

 



අදහස් (1)

කුරුණැගල වැවිලි සමාගමෙන් කෝටි 31ක පොල්ලක්

Lalla Sunday, 27 July 2025 12:50 PM

කුරුණෑගල වැවිලි සමාගම පොල්කිරි අයිස් ක්‍රීම් නිෂ්පාදන ඇතුලු තවත් දේ අලෙවිසැලක් නුවර පාරේ යක්කල පවත්වාගෙන ගියා. දැන් වසා දමලා. එතැන හිටිය සේවිකාව වැඩ කල විදියටම සමාගමේ අනිත් කටයුතුත් කළා නම් සමාගම පාඩු ලබන එක වළක්වන්න බෑ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 28 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site