IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කුරුණෑගල වකුගඩු ලේසර් ප‍්‍රතිකාර දින වකවානු නැතිව කල්දාලා

(සම්පත් සෙනවිරත්න)

කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ වකුගඩු ගල් ඉවත් කිරීමේ ලේසර් ප‍්‍රතිකාර සඳහා භාවිත කරන ආරක්‍ෂිත ඇඳුම් කට්ටල සියල්ල කල් ඉකුත් වීම හේතුවෙන් එම ශල්‍යකර්ම දැන් සති කිහිපයක සිට දින වකවානුවක් නොමැතිව කල් දමා ඇති බව සමස්ත ලංකා හෙද සංගමය පවසයි.

සමස්ත ලංකා හෙද සංගමයේ උප සභාපති සංජීව මුණසිංහ මහතා පවසන්නේ වකුගඩුවල හටගන්නා ගල් සඳහා සිදුකරන ප‍්‍රතිකාර ක‍්‍රම අතරින් ලේසර් කිරණ භාවිත කරමින් එම ගල් පුලුස්සා දැමීම පහසු හා කඩිනම් ශල්‍යකර්ම ක‍්‍රමයක් වන අතර එම ශල්‍යකර්මය සඳහා විශේෂයෙන් සකස් කළ ආරක්‍ෂිත ඇඳුම් කට්ටල භාවිත කරන බවයි.

කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ ඇති එම ආරක්‍ෂිත ඇඳුම් කට්ටල සියල්ල මේ වනවිට කල් ඉකුත් වී බැවින් රෝහල් කාර්ය මණ්ඩලය එම ඇඳුම් භාවිත කිරීම ප‍්‍රතික්‍ෂේප කිරීම හේතුවෙන් මෙසේ වකුගඩු ලේසර් ප‍්‍රතිකාර ඇණහිට ඇති බව මුණසිංහ මහතා කියයි.

කුරුණෑගල ශික්‍ෂණ රෝහලෙන් වකුගඩු ගල් සඳහා ලේසර් ප‍්‍රතිකාර ලබා ගැනීමට ගල්ගමුව, ගිරිබාව, මහව, නිකවැරටිය ඇතුළු ප‍්‍රදේශ රැසකින් දහස් ගණනක් රෝගීන් පැමිණෙන අතර එක් දිනක් තුළ රෝගීන් හය දෙනකුට ලේසර් ප‍්‍රතිකාර කිරීමේ පහසුකම කුරුණෑගල රෝහලේ පැවැති බව ද මුණසිංහ මහතා පවසයි.

මෙම තත්ත්වය යටතේ දැන් සති දෙකක පමණ සිට කිසිදු ලේසර් ශල්‍යකර්මයක් සිදු නොකළ බවත් ඒ සඳහා පොරොත්තු ලේඛනයේ සිටින සිය ගණනක් රෝගීන්ට ඉදිරි දිනයක් ලබා දීමට හෝ රෝහල් බලධාරීන් අපොහොසත් වීම හේතුවෙන් එම රෝගීන් අන්ත අසරණ තත්ත්වයට පත්ව ඇති බවත් සංජීව මුණසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

 



අදහස් (2)

කුරුණෑගල වකුගඩු ලේසර් ප‍්‍රතිකාර දින වකවානු නැතිව කල්දාලා

Chandana Friday, 05 April 2024 09:59 AM

ආරක්‍ෂිත ඇඳුම් තිබියදී කල් ඉකුත් වූ බව කියමින් රෝගීන් අසරණ කරන්නේ මොන හිතකින්ද .මේ පක්ෂ දේශපාලනයේ ප්‍රතිපලයක් .ආණ්ඩුව අපහසුතාවයට පත් කර චන්ද දිනාගන්න කරන බල උත්සාහයක්

:       1       2

Nimal Friday, 05 April 2024 01:21 PM

ෂුවර් එකටම ලංගමේ අදුරන කෙනෙක් ඇති ඕක කරගන්න පරක්කු වෙලා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 376 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 223 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1015 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site