IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කුරුණෑගල දිසාපති වැසූ දොර මැකෝ අරී

මහ මැතිවරණය සඳහා කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂකයන් නාමයෝජනා බාර දීම අවාරණය කිරීමට කුරණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයට ඇතුළුවීම අද උදේ (13) මාධ්‍යවේදීන්ට තහනම් කැරිණි.

දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයේ  ඉදිරිපිටට ආ නිලධාරියකු කීවේ ඉහළ නියෝගයක් අනුව මාධ්‍යවේදීන්ට ඇතුළට යෑමට ඉඩ නොදෙන ලෙස දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී ගාමිණී ඉලංගසිංහ මහතා පැවසූ බවයි.

මාධ්‍යවේදීන් ඒ ගැන කොළඹ මැතිවරණ කොමසාරිස් කාර්යාලයයට පැමිණිලි කළ පසු කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහේෂ් සේනාරත්න මහතා පැමිණ මාධ්‍යවේදීන් කච්චේරියට කැඳවාගෙන ගියේය.

මහින්ද රාජපක්ෂ හිටපු ජනපති නාමයෝජනා දීමට නියමතව ඇත්තේ ද කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයටය.



අදහස් (0)

කුරුණෑගල දිසාපති වැසූ දොර මැකෝ අරී

රූපවතී Monday, 13 July 2015 07:24 AM

මේ කුරුනෑගල දිසාපති කියන කෙනා නම් කිසිවෙකුට ගරු සරු නැති මනුස්සයෙක් කියලයි ම දන්නා තරමට ජනතාව තේරුම් ගෙන තියෙන්නේ. ජනතාව පත් කරන්න විතරයි ඉන්නේ ..ඉන් පස්සේ ජනතාව දිහා බලන්නේ ..ඔය ටව්මේ ඉන්න අගුවක වැස්සට තෙමෙන බලු කුක්කෙක් දිහා බලන ස්වරයෙන් ලීලාවෙන් ..? ඒක තමයි මහජන නියෝජිතයින් ගෙන් කෙරෙනා සේවය අද වෙනවිට..? (ස)

:       0       0

නිමලරාජ් Monday, 13 July 2015 09:33 AM

අනේ රූපෝ, දිසාපති කියන්නේ රජයේ සේවකයෙක්. ඡන්දෙන් එන්නේ නෑ. මනුස්සයා එහෙම ඇති. එ්ක අපේ රටේ සාමාන්‍ය තත්වයනේ. (බ)

:       0       0

සිරි Monday, 13 July 2015 04:57 AM

ඇයි එහෙම වෙන්නේ? කලට වෙලාවට නිසි උපදෙස් ලබාදීලා තිබුණා නම් දිස්ත්‍රික් ලේකම් තුමා එහෙම හිතුවක්කාර තීරණයක් ගන්නේ නෑනෙ.(ම)

:       0       0

නිමාෂා Monday, 13 July 2015 05:09 AM

පොදු කටයුතු වලදී විනිවිදභාවය රැකීමට ශක්තිය ලැබේවා! තොරතුරු දැනගැනීමේ අයිතියට බාධා නොවේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site