(ජනූර් කිචිලාන්)
දැඩි නියගය නිසා දැදුරු ඔයේ ජල මට්ටම පහල යාම හේතුවෙන් කුරණෑගල නගරයට ජල සැපයුම සීිමා කිරිමට සිදු වන බව ජල සම්පත් හා ජලාප්‍රවාහන මණ්ඩලයේ කුරුණෑගල දිස්ත්‍රික් ඉංජිනේරු කුසල් මනම්පේරි මහතා පැවසීය.
කුරුණෑගල නගරයට ජලය දිනකට ඝන මීටර් 13000ක් පමණ ප්‍රමාණයක් නිකුත් කරන අතර අද (18) සිට ඝන මීටර් 8000ක් දක්වා අඩුකර බෙදා හැරීමට සිදුවී ඇත්තේ කුරුණෑගල නගරයට ජලය සැපයෙන දැදුරු ඔයේ ජල මට්ටම සිඝ්‍රයෙන් පහල යෑම නිසාය. දැනට දැදුරු ඔයෙන් මෙන්ම කුරුණෑගල වැවෙන් ජලය ලබා ගන්නා අතර, වෙනදා මෙන් සම්පූර්ණ ධාරිතාවයෙන් බෙදාහැරීමට අපහසු බවත් එසේ වුවත් කුරුණෑගල ශික්ෂණ රෝහලට ජලය සැපයීම අඛණ්ඩව සිදු කෙරෙන බවත් ඒ මහතා කීය.
මේ ආකාරයෙන්ම ඉදිරියටත් නියඟය පැවතුනහොත් ජලය ලබා දීමට හැකි වන්නේ තවත් මාසයක් වැනි කාලයකට පමණක් වන බැවින් ඉදිරි කාලයේ ජලය අත්‍යාවශ්‍ය කටයුතු සදහා පමණක් භාවිතා කරන ලෙසත් ඇපිරිමැස්මෙන් ජලය පරිfඊා්ජනය කරන ලෙසත් දිස්ත්‍රික් ඉංජිනේරුවරයා පාරිභෝගිකයින්ගෙන් ඉල්ලීමක් කර ඇත. කෙසේ නමුත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සමග ඒකාබද්ධ වී පාරිභෝගික ජනතාවට අපහසුවක් නොවන පරිදි ජලය ලබා දීමට කටයුතු කරන බවද කුසල් මනම්පේරි මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
378
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
224
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුරුණෑගලම පිපාසයේ?