තෝරාගත් ක‍්‍රීඩා ඉසව් 23ක් සඳහා විදේශ පුහුණුකරුවන්ගේ සේවය ලබා ගනිමින් අඛණ්ඩව වසරක කාලයක් පුහුණු සංචිත පවත්වාගෙන යාමට ක‍්‍රීඩා අමාත්‍යාංශය පියවර ගන්නා බව ක‍්‍රීඩා ඇමති මහින්දානන්ද අලූත්ගමගේ මහතා පැවසීය. අනුරාධපුරයේදී හා කුරුණෑගලදී පැවති දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල ක‍්‍රීඩා නිලධාරීන් දැනුවත් කිරීමේ හමුවකදී ක‍්‍රීඩා ඇමතිවරයා මෙසේ පැවසීය. ක‍්‍රීඩා අමාත්‍යාංශය ක‍්‍රියාත්මක කරන ක‍්‍රීඩා ශක්ති වැඩ සටහන සාර්ථක කර ගැනීම සඳහා දිස්ත‍්‍රික් ක‍්‍රීඩා නිලධාරීන්ට හා ප‍්‍රාදේශීය ලේකම්වරුන්ටත් විශාල වගකීමක් පැවරීතිබෙන බවත් එම හමුවේදී ඇමැතිවරයා පැවසීය. වයස 14 ත් 18 ත් අතර ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 1200 ක් සඳහා එම වැඩසටහනෙන් ප‍්‍රතිපාදන සලසා දී ඇතැයිද ඔහු වැඩිදුරටත් පැවසීය. ඇමැතිවරයා මෙසේද පැවසීය. මේ වැඩසටහනේ අරමුණ වසර 2013 නවදිල්ලිනුවර පැවැත්වෙන සාග් ක‍්‍රීඩා උළෙලයි. එදා රන් පදක්කම් 42ක් දිනා ගත් ශ්‍රී ලංකාව මෙදා රන් පදක්කම් ගණන 12ට බැහැලා ක‍්‍රීඩා උළෙලේ අපි හතරට වැටුණා. දිස්ත‍්‍රික් මට්ටමින් ක‍්‍රීඩාව නැංවීමට දිස්ත‍්‍රික් ක‍්‍රීඩා කමිටු පත් කර තිබෙනවා. එහි කටයුතු කරන්නේ දිස්ත‍්‍රික්කයේ දෙශපාලඥයන් ඇතුළු ප‍්‍රභූවරුන්. ක‍්‍රීඩා අමාත්‍යාංශය හත් අවුරුදු ක‍්‍රීඩා සංවර්ධන සැලැස්මකුත් මේ අතර හෙට දවසේ මෙරට ක‍්‍රීඩාව සංවර්ධනය වෙනුවෙන් ක‍්‍රියාත්මක වෙනවා.
2025 දෙසැම්බර් මස 18
359
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
215
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කී‍්‍රඩා ඉසව් 23 කට පිටරට පුහුණුකරුවන් කැඳවයි