IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ක්‍රීඩා ඇමති කාර්යාලය දන් දෙයි

(අංජුල මහික වීරරත්න)

ලෝක වෙළද මධ්‍යස්ථානයේ පිහිටි ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය කාර්යාලය කොළඹ 7 ක්‍රීඩා අමාත්‍යංශ ගොඩනැගිල්ලේ ස්ථාපිත කරන ලෙස ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා උපදෙස් දුන්නේය.

ඒ අනුව ක්‍රීඩා අමාත්‍යංශයේ තමාට වෙන්වූ කාර්යාල කාමරය පාවිච්චි කරන්නැයි හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතාට පවසා තිබේ.

තමා සංචාරක අමාත්‍යවරයා ලෙසද කටයුතු කරන හෙයින් එම අමාත්‍යංශයේ සිට අදාල රාජකාරී කටයුතු සිදුකරන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයාට ද දැනුම් දී ඇත. 

ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ කුලී පදනම මත පවත්වාගෙන ගිය ක්‍රීඩා  රාජ්‍ය අමාත්‍ය කාර්යාලයට මසකට රුපියල් ලක්ෂ 42ක් පමණ වැය වන හෙයින් මෙම තීරණය ගත් බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

ක්‍රීඩා රාජ්‍ය අමාත්‍යංශ ගොඩනැගිල්ල කොළඹ 7 ක්‍රීඩා අමාත්‍යංශ ගොඩනැඟිල්ලේ ස්ථාපිත කිරීමෙන් වසරකට ඉතිරි වන රුපියල් කෝටි පහකට ආසන්න මුදල ක්‍රීඩා සංවර්ධන අරමුදලට බැර කරන ලෙසද ක්‍රීඩා අමාත්‍යවරයා දැනුම් දුන්නේය.



අදහස් (6)

ක්‍රීඩා ඇමති කාර්යාලය දන් දෙයි

නිහාල් පිරිස් Thursday, 30 November 2023 10:30 AM

ඒකනම් සුපිරි වැඩක් .තව ඔය වගේ කුලිය ගෙවාගෙන ඉන්න තැන් කියක් තියනවද දන්නැ ජනතාවට බර පටවන්නෙ නැතුව එය වගේ රාජ්‍ය බවියදම් අඩුකරමු

:       3       30

wimal Thursday, 30 November 2023 10:52 AM

කොහොම උනත් හරින් ෆෙනෑඩො/මනුෂ නානායක්ක්කාර/රමෙශ් පතිරන/ කංචන, තමයි මෙ දවස්වල හොදටම කරන්නෙ. අනිත් අයගෙ කිසිම ඇක්ටිවු ගතියක් නැහැ, එකාට එකා මරාගන්නව.

:       3       11

Aravinda Monarawila Thursday, 30 November 2023 12:54 PM

කාර්යාලය මාරු කෙරුවට සල්ලි ඉතුරුවෙයි කියලා, හිතන්න එපා, මොකඩ ඔවා ගන්නෙ ඔය කියන විඩියට මසික කුලියට නොවෙයි. අඩුම ගානෙ අවුරුද්දකට දෙකක බඩු කුලියට, කාර්යාලය ඉවත කලාට සම්පුර්න බඩු කුලිය ගෙවලා නම් එකත් බඩු හිමියාට තමයි වාසිය යන්නෙ මෙකත් එහෙම ගෙමක්ද දන්නෙ නැහැ.

:       0       5

Kumara Thursday, 30 November 2023 04:13 PM

ඕක දාන්න බේරෙ වැව කළමනාකරණය කරගන්න.

:       0       0

Rata Perata Thursday, 30 November 2023 04:14 PM

මේවට උඩ පනින්න තරම් ජනතාව බොළඳ නැහැ. මේවාට ජාතික ප්‍රතිපත්තියක් තියෙන්න ඕනෑ. එක එක්කෙනාට ඕන ගණන් වලට කාර්යාල ගන්න දෙන්න බැහැ. අපිට ඉස්සර හිටියා තනතුරෙන් පස්සේ කුඹුරු කොටන්න යනවා කියපු කෙනෙකුත්... ඒ මනුස්සයා අන්තිමට මිලියට 800ක් අපේ සල්ලි වියදම් කරලා අලුත්වැඩියා කරගත්තු ගෙදරින් යන්නත් බෑ කිව්වා...

:       0       0

ගමේ එකාලා Thursday, 30 November 2023 08:41 PM

දන් දෙන්න මෙයාගේ පුද්ගලික දේපලක් නෙමෙයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 102 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 906 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site