IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කී‍්‍රඩා අමාත්‍යංශ මාධ්‍ය නිවේදනය සත්‍ය තත්ත්වය විකෘති කිරීමක්

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ රූපවාහිනී විකාශන අයිතිය නැවතත් ‘ටෙන් ස්පෝට්ස්’ සමාගමට පැවරීමට කළ ඉල්ලීම සම්බන්ධයෙන් කී‍්‍රඩා අමාත්‍යංශයෙන් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය සත්‍ය තත්ත්වය විකෘති කිරීමක් බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපති උපාලි ධර්මදාස මහතා පවසයි.

වසර 7 ක කාලයක් සඳහා රූපවාහිනී අයිතිවාසිකම් නැවතත් ‘ටෙන් ස්පෝට්ස්’ සමාගමට පැවරීම සම්බන්ධයෙන් තමන් කිසිදු ඉල්ලීමක් කී‍්‍රඩා ඇමතිවරයාගෙන් නොකළ බවත් එම ඉල්ලීම කරන ලද්දේ රූපවාහිනී අයිතිවාසිකම් පිළිබඳව සොයා බැලීමට පත්කරන ලද කමිටුව විසින් බවත් උපාලි ධර්මදාස මහතා පවසයි.

”මේක හරි පුදුම කතාවක්.....ඒක රූපවාහිනී අයිතිවාසිකම් පැවරීම ගැන සොයා බලන්න පත්කරන ලද විශේෂ කමිටුවෙන් කරන ලද ඉල්ලීමක්. කී‍්‍රඩා අමාත්‍යංශයේ ලේකම්වරයා වන අනුර ජයවික‍්‍රම මහතාත් ඒ කමිටුවේ සිටියා.”

”ටෙන් ස්පෝට්ස් සමාගම සමග කලින් පැවැති ගිවිසුම අනුව නැවතත් ටෙන්ඩර් කැඳවීමේදී පළමුව ඔවුන් සමග සාකච්ඡ කළ යුතුයි. එහිදී ඔවුන් කිසියම් එක`ගතාවකට එන්නේ නැත්නම් ටෙන්ඩර් කැඳවීම කළ හැකියි”

”මේවා ගැන සාකච්ඡ කරන්න පත්කළ විශේෂ කමිටුවට ඇතුළත් වුණේ මා විතරක් නොවෙයි.....නිශාන්ත රණතුංග (ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ලේකම්), අජිත් ජයසේකර (ප‍්‍රධාන විධායක නිලධාරී), නුස්කි මොහොමඞ් (භාණ්ඩාගාරික), අසංග සෙනෙවිරත්න (උප සභාපති) වගේම කී‍්‍රඩා අමාත්‍යංශයේ ලේකම් අනුර ජයවික‍්‍රම මහතාත් ඒ කමිටුවේ සිටියා” යයිද ධර්මදාස මහතා පැවසීය.

”කී‍්‍රඩා අමාත්‍යංශයේ මාධ්‍ය නිවේදනය මට විතරක් එල්ල කරලා තියෙන්නේ ඇයි කියන එක නම් පුදුම සහගතයි” යයිද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිවරයා වැඩිදුරටත් ලංකාදීපට පැවසීය.

ටෙන් ස්පෝට්ස් සමාගම සමග කලින් පැවැති ගිවිසුම අත්සන් කළ වසර 2009 දී පැවැතියේ කි‍්‍රකට් අතුරු කමිටුවක් වන අතර ඒ වන විට කී‍්‍රඩා ඇමතිවරයාව සිටි ගාමිණී ලොකුගේ මහතාගේ අනුමැතියද ඊට ලැබී තිබිණ.

කලින් අත්සන් කරන ලද ගිවිසුමට අනුව, රූපවාහිනී අයිතිවාසිකම් වෙනුවෙන් ටෙන්ඩර් කැඳවීමට පොරතුව, ටෙන් ස්පෝට්ස් සමාගම සමග පැවැත්වෙන සාකච්ඡ අසාර්ථක වුවහොත් පමණක් ඒ වෙනුවෙන් ටෙන්ඩර් කැඳවීමේ අවස්ථාව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට හිමි නමුත් ටෙන්ඩර් කැඳවීමෙන් පසුවද අදාළ අගයන් සමග තරග කිරීමේ අවස්ථාව ‘ටෙන් ස්පෝට්ස්’ සමාගමට හිමිව තිබේ.

වෙනත් සමාගමකට රූපවාහිනී අයිතිවාසිකම් පිරිනැමිය හැක්කේ එහිදීද ටෙන් ස්පෝට්ස් සමාගම එකග නොවන්නේ නම් පමණි.

ඉදිරි වසර හතක කාලය සඳහා රූපවාහිනී අයිතිවාසිකම් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 60 ක් ගෙවීමට ටෙන් ස්පෝට්ස් සමාගම කැමැත්තෙන් සිටි බවත් ධර්මදාස මහතා පවසයි.

රූපවාහිනී විකාශනයේ අයිතිවාසිකම් පිරිනැමීමේදී වඩාත්ම තීරණාත්මක සාධකය වන්නේ ඉන්දීය සහ එංගලන්ත කණ්ඩායම් ශී‍්‍ර ලංකාවේදී සහභාගි වන තරග සංඛ්‍යාවයි. ඊට ප‍්‍රධානතම හේතුව වන්නේ ලෝක ටෙස්ට් පිටියේ වටිනාකමින් වැඩිම කණ්ඩායම් වන්නේ ඉන්දීය, එංගලන්ත සහ  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම් වන බැවිනි.

එහෙත් ඉදිරි වසර හතක කාලය සඳහා ඉන්දීය පිල ශී‍්‍ර ලංකාවේදී තරග වදින්නේ එක් අවස්ථාවකදී බවත් එම තරගාවලියත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය, ටෙන් ස්පෝට්ස් ආයතනයට ණය වූ එකක් බවත් ධර්මදාස මහතා වැඩිදුරටත් පැවසීය.

ඉන්දීය පිල ශී‍්‍ර ලංකාවේදී සහභාගි වන සම්පූර්ණ (ටෙස්ට්, එක්දින සහ විස්සයි/20) තරගාවලියක ආසන්න වටිනාකම ඩොලර් මිලියන 24 සිට 30 දක්වා වන බවද පැවසේ. පාකිස්තානු, නවසීලන්ත සහ දකුණු අපි‍්‍රකානු කණ්ඩායම් සහභාගි වන තරගාවලි පාඩු පිට පැවැත්වෙන බව සාමාන්‍ය පිළිගැනීමයි. මෙහි ලාභ - අලාභ තීරණය වන්නේ රූපවාහිනී පේක්‍ෂක සංඛ්‍යාව අනුවය.

 



අදහස් (0)

කී‍්‍රඩා අමාත්‍යංශ මාධ්‍ය නිවේදනය සත්‍ය තත්ත්වය විකෘති කිරීමක්

වරුණ Saturday, 09 February 2013 04:12 PM

කෝට් ගානක ව්‍යාපාර තියන් ක්‍රිකට් බෝඩ් එක බදාගෙන ඉන්නවට වැඩිය හොදයි අර මැරුන ළමයට වන්දියක් ගෙවිවා නමි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 78 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site