IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ක්‍රීඩාවෙන් දේශපාලනය ඉවත් කරනවා

(යොහාන් භාසුර)

ක්‍රීඩාවෙන් දේශපාලනය සම්පූර්ණයෙන්ම ඉවත් කර ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඉලක්ක කරා සියලුම ක්‍රීඩාව රැගෙන යාමේ සැළසුම් 2025 ජනවාරි මාසේ මුල් සතියේ ආරම්භ කරන බවත් ඒ අනුව 2028 වසර ඔලිම්පික් බලාපොරොත්තු තබාගත හැකි වසරක් ලෙස බලාපොරොත්තුවක් තැබිය හැකි බවත් නියෝජ්‍ය ක්‍රීඩා අමාත්‍ය සුගත් තිලකරත්න මහතා අද (9) පැවසීය.

ජාතික දුන්නෙන්විදීමේ ශූරතාවලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් නියෝජ්‍ය ක්‍රීඩා අමාත්‍ය සුගත් තිලකරත්න මහතා එසේ පැවසීය.

රටේ ක්‍රීඩාව එකතැන පල්වීමට අවස්ථාව නොදී ක්‍රීඩා සමාජ තුළ තිබෙන ප්‍රශ්න කඩිනමින් නිරාකරණය කරන බවත් ක්‍රීඩාවෙන් ඉදිරියට යා හැකි ලස්සන රටක් තුළ පොහොසත් රටක් නිර්මාණය කිරීමේ ජාතික මෙහෙවර ආරම්භ කර ඇති බවත් තිලකරත්න මහතා කීය.  

දුන්නෙන්විදීමේ ක්‍රීඩාව වගේම අපේ රටේ සියළුම ක්‍රීඩා ජාත්‍යතර ජයග්‍රහණ කරා රැගෙන යාමේ වගකීම් ක්‍රීඩා අමාත්‍යංශය සතු මෙන්ම 2028 වසර ඔලිම්පික් බලාපොරොත්තු තබාගත හැකි වසරක් කළයුතු බවත් ලස්සන රටක් පොහොසත් රටක් තේමාව ක්‍රීඩාව තුළින් යථාර්තයක් බවට පත් කිරීමට සියලු දෙනා එකතු වියයුතු බවත් නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා වැඩි දුරටත් පැවසීය. 



අදහස් (5)

ක්‍රීඩාවෙන් දේශපාලනය ඉවත් කරනවා

pj Monday, 09 December 2024 02:25 PM

ඇමැතිතුමා ක්‍රිඩකයන් සමග පොටෝ ගත්තහම දේශපාලනය ඉබෙම ක්‍රිඩාවට ගෑවිල නේද...

:       31       19

PereraMonday, 09 December 2024 11:29 PM

හඳ පෙන්නුවාම ඇඟිල්ල දිහා බලන කෙනෙක්...!

:       0       0

Kazi Shajahan Monday, 09 December 2024 02:29 PM

අපෝ කාගෙ කාගෙත් කයිවාරු... කෝ දැන් ඡන්දයට කළින් ගහපු කයිවාරු... අපිත් ඒ කයිවාරු අහලා ඡන්දෙ දුන්නා... අන්තිමට පොල්සම්බෝලයක් එක්ක බත් ටිකක් කන එකත් නැති වුණා...

:       31       16

වික්‍රම විද්‍රරMonday, 09 December 2024 05:03 PM

KAZI SHAJAHAN කාසි සාජහන් ඔහෙලා වගේ කම්මැලි බඩජාරි හිඟන මිනිස්සු නිසා තමයි අද රට මේ තත්වෙට පත්වුණේ.. කන්න බොන්න ජනසවිය සමෘද්ධි අස්වැසුම ටකරං ලැට් පෝච්චි අරක්කු කාලා බාගේ ගත්තා මදිද..? උස නම් සිකුරිටි, මිටි නම් කම්කරු.. බාර් පර්මිට් ඕවා තමයි තමුන්ලාගේ ලෝක. අයිසේ පොඩ්ඩක් අත පය දිගෑරලා රස්සාවක් කරලා කීයක් හරි හම්බකර ගන්නකෝ... නැත්තං ඔය කරුම පරම්පරාව ඔතැනින් නවත්තන්න ආණ්ඩුවෙන් නොමිලේ කොන්ඩම් ඉල්ලගන්නවා.. පුදුම වදයක්නේ මේ හිඟන්නන් එක්ක...

:       5       12

Alfread Monday, 09 December 2024 04:25 PM

මට පේන විදියට නම් සුගත් තිලකරත්න තමයි තමන් ගත්තු ක්ශේත්‍රය ගැන දැනුමක් තියෙන එකම මනුස්සයා. ඒ වගේම මහන්තත්තකම් නැති මිනිහෙක්. ඒ නිසා එතුමාට ජයෙන් ජයම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...

:       2       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1099 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site