IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ක්‍රෙඩිට් කාඩ්වලින් විසි හය කෝටියක් හොරට ඇදලා

විදේශ ක්‍රෙඩිට් කාඩ් හිමියන්ගේ ගිණුම්වලින් රුපියල් විසි හය කෝටි තිස් ලක්ෂයක් හොරෙන් ගත් බව කියන සැකකරුවන් 14 දෙනකුගෙන් අට දෙනකු තවත් මාස තුනක් රඳවා ප්‍රශ්න කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා අද අවසර දුන්නේය.

මේ ජාවාරමෙන් ලංකා බැංකුවට එම පාඩුව සිදු විය.

රහස් පොලීසිය උසාවියට දැන්වූයේ සැකකරුවන් 14 දෙනකු ඊට හවුල් බවයි.

රහස් පොලීසිය 150කගෙන් පමණ ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගෙන ඇත.

හොරෙන් ගත් මෙම මුදල් කොටි සංවිධානයට බැරවූයේ දැයි රහස් පොලීසිය සොයයි.

මොවුන් මෙම ජාවාරම කර ඇත්තේ ලංකා බැංකුවේ අන්තර්ජාල ගෙවුම් පහසුකම් (අයි.පී.ජී) ක්‍රමය උපයෝගී කර ගනිමිනි. ඒ සඳහා රාජ්‍ය නොවන සංවිධාන දෙකක් ද යොදා ගෙන ඇත.

එතෙර ක්‍රෙඩිට් කාඩ් හිමියන් සහන පදනම සහ කාන්තා හා ළමා සංවර්ධන පදනමට වසරක් යන තුරු විශාල වශයෙන් මුදල් පරිත්‍යාග කර ඇත. එම මුදල් එම පදනම්වල බැංකු ගිණුම්වල තැම්පත් කර තිබේ. ඉන්පසු ක්‍රේඩිට් කාඩ් හිමියන් නොදැනුවත්වම ඔවුන්ගේ ගිණුම්වලින් හොරට මුදල් ගෙන ඇතැයි රහස් පොලීසිය අධිකරණයට දැන්වීය.



අදහස් (0)

ක්‍රෙඩිට් කාඩ්වලින් විසි හය කෝටියක් හොරට ඇදලා

සමීර Thursday, 21 February 2013 05:43 PM

මෙහෙමත් රටක්? (නි)

:       0       0

පද්මි Friday, 22 February 2013 11:54 AM

නවීන තාක්ෂනය තවම ලංකාවට හරියන්නේ නැහැ.(නදී)

:       0       0

ලලිත්-දෝහා Thursday, 21 February 2013 07:35 PM

හරිම ලස්සනයි. ඇගට පතට නොදැනී ඔච්චර හරියක් කලානේ මන් කියන්නේ.(නදී)

:       0       0

සංජු Friday, 22 February 2013 09:37 AM

කවුද මේවට වග කියන්න ඕනෑ? (නි)

:       0       0

ගාමිණී Thursday, 21 February 2013 05:14 PM

ගණන ඇහෙනකොට ඇග හිරිවැටෙනවා. (නි)

:       0       0

වරුණ Thursday, 21 February 2013 05:19 PM

ජීවත්වෙන්න මුදල් හිග ඇති (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 101 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 903 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site