
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා රග්බි සංවිධානය කළ රග්බි තරගවලදී විනිසුරුගේ කාර්ය ඉක්මවා යමින් ක්‍රීඩකයන් ආබාධයන්ට ලක්ව ඇති යැයි තේරුම් ගෙන ඔවුන්ගේ ජීවිත රැකගැනීමට කටයුතු කළ විනිසුරුවන් තිදෙනෙක් අද (8) ඇගයීමට ලක් කළහ.
ශ්‍රී ලංකා රග්බි පළමු පෙළ විනිසුරුවන් වන සුරංග අරුණ ශාන්ත, ගිහාන් යටවර සහ ප්‍රනීත් වේරංග යන විසුරුවන් පාසල් සහ අන්තර් සමාජ රග්බි තරගවල විනිසුරුවන් ලෙස කටයුතු කරමින් සිටියදී ක්‍රීඩකයන් හිස වැදීම හේතුවෙන් ක්‍රීඩාංගණයේ ඇඳවැටීමට ඔන්න මෙන්න සිටියදී ඒ බව හදුනාගෙන බිමට පතිත වීම වළක්වා එම ක්‍රීඩකයන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීමෙන් සිදුවීමට තිබූ විනාශකාරී තත්වයන්ගෙන් වළක්වාගැනීමට සමත්ව තිබේ.
ඔවුන්ගේ සේවය අගයමින් ශ්‍රී ලංකා රග්බි ප්‍රධාන අනුග්‍රහකයා වන ‘නිපෝන් පේන්ට්’ සමාගම සහ ‘හමීඩියා’ සමාගම එම විනිසුරුවන්ට මුදල් ත්‍යාග පිරිනැමීය.
2025 දෙසැම්බර් මස 18
399
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
230
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1021
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ක්‍රීඩක ජීවිත රැකගත් රග්බි විනිසුරුවන් ඇගයේ
jayasekara Thursday, 09 March 2023 09:26 AM
ලාංඡනෙ දැක්කම තමා බඩ දගලන්නෙ....
Kaushalya indiketiya Thursday, 09 March 2023 09:42 AM
ක්‍රීඩාවේ ජීව ගුණය සදාකල් රඳාපවතින්නේ මෙවන් පුද්ගලයන් නිසාමය........ සුරංග අයියා..... යටවර..... වේරන්ග...... ඇතුලු සියලු රග්බි පාපන්දු විනිසුරුවරුන්ට මාගේ ප්‍රණාමය....!!!