IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කුරේට හුරේ දාන්න මහ සෙනඟක්

ඉරිදා දහවල ලන්ඩන්නුවර පැවැත්වූ මැරතන් ධාවන තරඟය සඳහා ඉදිරිපත්වූ ශ්‍රී ලාංකිකමැරතන් ධාවන ශූරයකුවු  අනුරාධ කුරේ 14 වෙනි තැනට තරඟය අවසන් කළේය.

මුළු දුර සැතපුම් 26 ක් දෙවීම සඳහා ඔහුට ගතවූ කාලය පැය දෙකයි විනාඩි දාහතකුත් තත්පර පනස් තුනකි.

තරග කරුවන් 35,000ක් සහභාගීවූ සැතපුම් විසි හයක් දුරැති එම තරගය 14 වෙනියා ලෙසනිමකිරීමට හැකිවීම ගැන තමන් ඉතාමත් ආඩම්බර වනබව තරගය අවසානයේ අනුරාධ කුරේපැවසුවේය. තරගය සඳහා ඔහු සහභාගීවනු දැක ගැනීමට සහ ඔහුව ධෛර්ය්‍යමත් කිරීමට ශ්‍රී ලාංකිකයෝ  බොහෝ දෙනෙක් මගදෙපස රැස්වී සිටියහ.

ගියවසරේ ලන්ඩන් නුවර පැවතී ඔලිම්පික් මැරතන් ධාවන තරගයේදී අනුරාධ කුරේ තරගය අවසන් කලේ 55 වෙනි තැන ලබා ගනිමිනි.

මෙවර ලන්ඩන් මැරතන් තරගය ආරම්භයේදී තරග කරුවෝ සියලුදෙනාම විනාඩි දෙකක නිශ්ශබ්ධ තාවයක් පවත්වා ගිය සතියේ ඇමෙරිකාවේ බොස්ටන් මැරතන් තරගයට එල්ලවුණ ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත් අය සිහිපත්කළහ. ලන්ඩන් මැරතන් තරගය සඳහා විශාල ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරතිබුන අතර බොස්ටන් සිද්ධිය හේතුවෙන් කිසිම තරග  කරුවකු අධෛර්යමත් නොවුබව ලන්ඩන් මැරතන් සංවිධායකයෝ පැවසුහ.



අදහස් (0)

කුරේට හුරේ දාන්න මහ සෙනඟක්

කැටවල Monday, 22 April 2013 04:20 PM

ඔබට හොද අනාගතයක්..(ස)

:       0       0

සමන් Monday, 22 April 2013 04:50 PM

වරුණ බබා.පව්. (අ)

:       0       0

දිස්නා Tuesday, 23 April 2013 04:40 AM

ලක් මෑණිගේ සැබෑම එඩිතර පුතෙක්. ඔබට ජයෙන් ජය! සුබ පැතුම්! ඔබට තෙරුවන් සරණයි! (නි)

:       0       0

වරුණ Monday, 22 April 2013 05:24 PM

මම තම කිරි බොනවා සමන් පප්පේ (අ)

:       0       0

ප්‍රියන්ත Tuesday, 23 April 2013 06:07 AM

විශිෂ්ටයි! (නි)

:       0       0

සමන් Monday, 22 April 2013 05:35 PM

කිරි බොන්නේ සුප්පුවෙන්ද? (අ)

:       0       0

රන්ගශනී Monday, 22 April 2013 06:39 PM

ඔබට තෙරුවන් සරණින් ජයෙන් ජයම ලැබේවා! (නි)

:       0       0

වීරසේකරගේ Monday, 22 April 2013 07:24 PM

දුවන්නේ කූරේ වුණාට ලකුණු වැටෙන්නේ වෙන අයට. (නි)

:       0       0

මධු Monday, 22 April 2013 08:04 PM

ඔබ ජාතියට ආඩම්බරයක්. මගෙන් සුබ පැතුම්! (නි)

:       0       0

වරුණ Tuesday, 23 April 2013 09:33 AM

සමන් පප්පේ, මම කිරි බිව්වෙත් ඔයා වගේම තමයි. එහෙම තමයි වයසට යනකොට දේවල් අමතක වෙනවා (නි)

:       0       0

අස්ලාන් Monday, 22 April 2013 08:47 PM

කුරේට සුබ පැතුම් සහ හොඳ අනාගතයක් ! (නි)

:       0       0

රමිලා Monday, 22 April 2013 03:24 PM

ක්‍රීඩා ඇමතිතුමනි, කොල්ලට උදවුවක් කරනවා නම් ඔන්න නියම වෙලාව (නි)

:       0       0

යොහාන් Monday, 22 April 2013 03:34 PM

කෝ අපේ සෙනග නැහැනේ. (නි)

:       0       0

වරුණ Monday, 22 April 2013 03:41 PM

හුරේ කියන්නේ හූ කියන එකටද? අනේ,මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

විරාජ් Monday, 22 April 2013 03:58 PM

විශිෂ්ටයි ඔබේ ජයග්‍රහණය ගැන. මුණ දාගන්න එන දේශපාලුවන්ට නම් අහුවෙන්න එපා. දිනුවට පස්සේ නෙමෙයි, දුවන්න පටන්ගන්න කාලේ අත දුන්න මිනිස්සු අමතක කරන්න එපා. ඉදිරි ජයග්‍රහණත් ප්‍රාර්ථනා කරනවා (නි)

:       0       0

ලීල් Monday, 22 April 2013 11:26 PM

ඔබට ජය! (නි)

:       0       0

සිරි Monday, 22 April 2013 04:10 PM

හුරේ කියන්නේ ජය ඝෝෂාවක්. හිප් හිප් හුරේ කියනවා වගේ. සතුට ප්‍රීතිය උද්දාමය පළකිරීමක්. (නි)

:       0       0

රණසිංහ Monday, 22 April 2013 04:10 PM

ඔබ බබා (ස)

:       0       0

නිරෝෂන Monday, 22 April 2013 04:10 PM

සුභ පැතුම් ඔබට. මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. මේ සුභ පතන්නන් සියල්ලෝම ලාංකිකයෝද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 48 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 842 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 609 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site