(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පොහොර ආනයනය කළ ප්‍රධාන පෙලේ සමාගමක් කොළඹ පිපල්ස් පාක් වෙළෙඳ සංකීර්ණයේ කිරි කඩයක් පවත්වාගෙන යාම සඳහා නිකුත් කර තිබූ ලියාපදිංචි බලපත්‍රයක් උපයෝගී කරගෙන හොරණ කර්මාන්ත ශාලාවකට යූරියා පොහොර තොග වශයෙන් මුදලට විකිනීමේ මහා පරිමාණ වංචාවක් අනාවරණය වී ඇතැයි ජාතික පොහොර ලේකම් කාර්යාලයේ උසස් නිලධාරියෙක් පැවැසීය.
ඒ බව අනාවරණය වී ඇත්තේ 2018, ,2019 හා 2020 වසර වල දී සහනාධාර වශයෙන් ගොවීන් වෙත ලබා ලබාදීම සඳහා ගෙන්වන ලද යූරියා පොහොර තොග සම්බන්ධයෙන් සිදු වී ඇතැයි කියන අවභාවිතාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකළ විමර්ශනවලදී බව එම නිලධාරියා කිය.
2018 වසරේදී ජාතික පොහොර ලේකම් කාර්යාලය මගින් පොහොර සමාගම් 19 කට පොහොර ආනයනය කිරීම සඳහා බලපත්‍ර නිකුත් කර තිබූ අතර එම සමාගම්වලින් දෙකක් රජයේ අනුබද්ද සමාගම් බවත් සඳහන් වේ.
රජයේ අනුබද්ධිත සමාගම් දෙක මගින් ගෙන්වන යූරියා පොහොර වී වගාවට පමණක් ගොවිජන සේවා මධ්‍යස්ථානය හරහා පොහොර මිටියක් රුපියල් 500 මිලකට ගොවින් වෙත ලබා දි ඇති අතර වී වගාව හැර අනෙකුත් සියලුම බෝග වගාවන් සඳහා අනෙකුත් සමාගම් වලින් යූරියා පොහොර මිටියක් රුපියල් 1100 මිලකට අලෙවි කර ඇතැයි ද එම මිල ප්‍රමාණයන් නියම කර ඇත්තේ කැබිනට් මණ්ඩලය මගිනි.
කර්මාන්ත කටයුතු සඳහා අවශ්‍ය වන පොහොර අදාල කර්මාන්ත ශාලාව මගින් ජාතික පොහොර ලේකම් කාර්යාලයේ මගින් අවසර ලබාගෙන ආනයනය කළ යුතුව ඇති අතර ගොවීන්ට දෙන පොහොර හා වැවිලි බෝග සඳහා ලබාදෙන පොහොර කිසිම හේතුවක් මත කර්මාන්තශාලා වලට දීමට නොහැකි යැයි ජාතික පොහොර ලේකම් කාර්යාලයේ නිලධාරියෙක් කීය.
2025 දෙසැම්බර් මස 18
232
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
174
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කිරිකඩේ බලපතින් යූරියා විකුණලා