IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


‘‘ක්‍රිකට් වැටෙන්න හේතුව වැරැදි පරිපාලනය‘‘

(සුජිත් හේවාජූලිගේ සහ අංජුල මහික වීරරත්න)

පසුගිය 2018 වර්ෂයේදී පැවැති ශ්‍රී ලංකා දකුණු-අප්‍රිකා ක්‍රිකට් සංචාරයේ අනුග්‍රාහක අයිතිය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබිය යුතු රුපියල් කෝටි තුනක මුදලක් අය කර නොගැනීම පිළිබඳව පොදු ව්‍යාපාර පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප්)දැඩි දෝෂදර්ශනයට ලක්විය.

මෙරට ක්‍රිකට් ක්‍රීඩාව දැවැන්ත ලෙස කඩා වැටීමට හේතුව ක්‍රීඩකයන්ගේ වැරැදි නොව ක්‍රිකට් පරිපාලනයේ දුර්වලතා බව කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ හිටපු සාමාජිකයන්ගේ වැරදි ඇත්නම් නෛතික ක්‍රියාමාර්ග ගැනීමට වහාම කටයුතු කරන ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන් මහතාට  දැන්වීය. ඒ සඳහා නීතිපතිවරයා‍ගේ සහයද ලබා ගත හැකි බව කාරක සභාවේ සභාපති මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දුන්නේය.

 



අදහස් (9)

‘‘ක්‍රිකට් වැටෙන්න හේතුව වැරැදි පරිපාලනය‘‘

CHANDA Thursday, 08 April 2021 02:55 AM

බෝර්න් එගේන් හින්දා නොවෙයි එහෙනම්?

:       1       10

Akila Thursday, 08 April 2021 04:29 AM

මන් නම් හිතන්නේ ක්‍රිකට් වැටෙන්න ප්‍රධානම හේතුව දැනට අපේ ටීමේ එකේ ඉන්න වැඩබැරි ටාර්සන් ල සෙට් එක හින්ද කියල

:       1       11

Senaka ඉතාලිය Thursday, 08 April 2021 04:38 AM

හරි හරි එහෙනම් බුකි කාරයෝ ටික අත්අඩංගුවට ගමු. මුන් ටික එකතුවෙලා තමයි අපේ ක්‍රිකට් නැත්තටම නැති කලේ.

:       0       11

Perera Thursday, 08 April 2021 04:57 AM

රට වලපල්ලට යන්න හේතුවත් ඕකම තමයි

:       0       10

athula Thursday, 08 April 2021 07:09 AM

පරිපාලනය තමයි වෙනස්‌ වෙන්න ඕනේ. නමුත් වෙන්නේ නැහැ. වෙනවා නම් මුලින්ම මෙල් කාරයා එලවන්න ඕනේ... ඉතින් එහෙම වේවිද?

:       1       6

Pradeep Thursday, 08 April 2021 07:18 AM

ක්‍රිකට් පමණක් නොවේ.. මුළු රටටම ඒකම තමයි.

:       0       7

de silva Thursday, 08 April 2021 07:51 AM

ක්‍රීඩා ඇමැති අසමත්...

:       0       6

විපරමා Thursday, 08 April 2021 08:50 AM

වැරදි පරිපාලනය හින්දා ක්‍රිකට් විතරක් නෙවෙයි මුලු රටම කඩා වැටිලා.ඉන්න තරමක් ඉන්නේ හොර දූෂිතයෝ ?

:       0       7

de silva Thursday, 08 April 2021 09:24 AM

අර්ජුන සහ රටේ ක්‍රිකට් ප්‍රවීණයන් පෙන්වා දුන් හරි මග යන්න ඔබට කිසිම අවශ්‍යතාවයක් නොමැති බව පෙනේ. ඔබත් කරන්නේ බුකී කාරයා විසින් නටවන රූකඩ.. ආරක්ෂා කිරීම පමණි. පළාත් සභා ඡන්දයේදී ජනතාව ඔබලාට කළගුණ සලකාවි.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 544 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2259 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1692 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site