(ලහිරු හර්ෂණ)
ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා මහතා ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.
ඔහු සමඟ තවත් නිලධාරින් සිව් දෙනෙකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇති බවත් ඒ අතර ක්‍රිකට් ආයතනයේ මානව සම්පත් කළමනාකරු ද වන බව එහි ආරංචි මාර්ග පවසයි.
එංගලන්ත පිලේ ශ්‍රී ලංකා සංචාරයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ගෙවිය යුතු මුදල් වලින් කොටසක් හොං කොං හි ආයතනයකට ගෙවීමට සූදානම්ව තිබියදී අවසන් මොහොතේ එම වංචාව අතටම අසු විය. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අංශයේ උසස් නිලධාරියකු චෝදනාවට ලක්වූ අතර පසුව ඔහුගේ කාමරයට මුද්‍රා තබන ලදි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කළ විමසීමකදී දැනගත හැකිවූයේ එම සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතුව ඇති තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරියා වන ඈෂ්ලි ද සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බවයි.
මේ අතර මාස දෙකකට ඉහතදී නිමාවූ දකුණු අප්‍රිකානු පිලේ ශ්‍රී ලංකා සංචාරයේදීත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබිය යුතු මුදල් ඇමරිකා එක්සත් ජනපදයේ ගිණුමකට බැර කර ඇතැයිද කියැවේ.

2025 නොවැම්බර් මස 04
222
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2083
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1594
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ක්‍රිකට් ලොක්කා රහස් පොලීසියට
දුසනයට හොදම රට Thursday, 04 October 2018 06:27 AM
ලෝකයේ ප්‍රමුඛයා වනු ඇත.
ජරාවට හොඳම රට Thursday, 04 October 2018 06:42 AM
වංචා 1. ක්‍රිකට් 2.පර්මිට් නැති වැලි 3.පර්මිට් නැති වැලි වලට විරුද්දව කතා කල පොලීස් රිමාන්ඩ් 4.මහා බැංකු බොන්ඩ් 5. ජනපති කාර්ය මණ්ඩල ලොක්ක අල්ලස් ගැනීම ......100.
Hafeel Thursday, 04 October 2018 09:41 AM
අද වනවිට රට දුෂණ වංචාවලින් පෝසත් වෙලා. මේ ආණ්ඩුව දුෂණ වංචා නැතිකරන බව කියමින් බලයට එවින්, මුල සිටම දුෂිතයින් ආරක්ෂා කරන්න වැඩ කළා. සුදුස්සන්ට සුදුසු වගකීම බාර නොදීම සහ අගමැති ප්‍රසිද්ධයේ පාර්ලිමේන්තුවේදී එදා අපරාධකරුවක් ආරක්ෂා කරන ප්‍රකාශ නිකුත් කළා. සිරිලිය සවිය වංචා සම්බන්ද කට උත්තර ගත්තෙත් එවකට කතානායක නිල නිවාසේදී. රටට බොරු කියමින්, තමන්ට හිතවත් කමිටුවක් පත් කරමින් මහ බැංකු වංචාව යටපත් කලා. තජුදීන් ඝාතන පරීක්ෂණ බොරු ප්‍රෝඩාවක්. කිසිසේත්ම විශ්වාස කරන්නම බැහැ මේ ආණ්ඩුව යටතේ වංචා දුෂණ නැති කරාවි කියල සහ අපරාධකරුවන්ට දඬුවම් දෙවි බවත්.
CLS Thursday, 04 October 2018 09:45 AM
දැන් අපිට දිනපතා වැඩිපුර අසන්නට ලැබෙන්නේ වංචා, දූෂණ, මංකොල්ලකෑම්, අපරාධ, පැහැරගෙන යෑම ආදි දේවල් පමණයි.
Kumar (Gulf) Thursday, 04 October 2018 11:14 AM
මේ තමා ධර්මඃද්වීපය.
OMG Thursday, 04 October 2018 01:36 PM
ලංකාව මාර දියුණුයි. 1. හොරකම 2. හොරකම 3. හොරකම
rasika Thursday, 04 October 2018 02:20 PM
කාලය හරි විකල්ප බලවේගයක් හොයන්න. මේ පක්ෂ වැඩක් නැහැ. ජනාධිපතිවරණයට.. මේ පක්ෂ දෙකෙම නොවන හොඳ කෙනෙක් පත්කරලා බලමු. ජවිපෙ ගැන තිබුණ පැහැදීමත් නැතිවෙලා කඩේයන හැටි දැක්කම..............