IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


ක්‍රිකට් පැටවුන්ට චෙන්නායි දොර වැහේ

 ඉන්දියාවේ  තමිල්නාඩුවේ චෙන්නායි  නුවර පැවත්වීමට නියමිතව තිබූ ක්‍රිකට් තරගාවළියකට සහභාගී වීමට  දිවයිනෙන්  පිටත්ව ගිය ශ්‍රී ලංකා කණිෂ්ඨ ක්‍රිකට් කණ්ඩායමක් ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්ණයක් මත තරගාවලියට සහභාගී නොවී  අද දහවල්  ආපසු දිවයිනට පැමිණියේය.

පුද්ගලික මට්ටමෙන් පැවැත්වීමට නියමිතව තිබු තරගාවලියක් සඳහා මොවුන් මෙරටින් පිටත්ව ගොස් ඇති අතර ඊයේ(03) රාත්‍රියේ චෙන්නායි ගුවන්තොටුපොළ වෙත ලගා වී ඇති බවත් වාර්ථා වෙයි.

තරගාවලිය  අද සිට  07 වෙනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබුවත්  ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්ණයක් මතු වීම නිසා තරගාවලිය පැවැත්වීම සඳහා අදාල ක්‍රීඩාංගනයේ බලධාරීන් අවසර දී නැති බවත් දැනගන්නට ඇත.

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ බලධාරියෙකු සනාත කළේ අද  11.20 ට චෙන්නායි සිට පැමිණි ගුවන්යානයකින්  ශ්‍රී ලාංකික ක්‍රිකට් කණ්ඩායක් ආපසු පැමිණ මුත්  ඉන්දීය ආගමන විගමන නිලධාරීන් චෙන්නායි ගුවන්තොටුපොළේදී  ඔවුන්ට එරටට ඇතුළුවීමට ඉඩ නොදී  ආපසු හරවා එවු බවක් ඔවුන් සනාථ නොකළ බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ  මෙය ශ්‍රී ලංකා පාසැල් ක්‍රිකට් කණ්ඩායම හෝ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වු  චාරිකාවක් නොව පෞද්ගලිකව සංවිධානය කළ චාරිකාවක් බව දැනගන්නට ඇති බවයි.

මේ අතර ශ්‍රී ලංකා යුධ හමුදා වෙබ් අඩවියේ පළවු පුවතක් නිසා තමිල්නාඩු ප්‍රාන්ත මහ ඇමතිනිය වන ජයලලිතා ජයරාම්ට අපහාස වු බව පවසමින් අද  චෙන්නායි හි පිහිටි ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට ජනතාව උද්ඝෝෂණයක් ඇරඹා ඇති බව ඉන්දීය පුවත් වාර්ථා කළේය.

 

 



අදහස් (0)

ක්‍රිකට් පැටවුන්ට චෙන්නායි දොර වැහේ

සේන Monday, 04 August 2014 01:32 PM

ඒ පුවත ගෙන සමාව ඉල්ලුව කියල නෙව්ස් පල උනානේ, ඉතින් තව දුරටත් උද්ගෝෂණ කරන්නේ මොකටද? (නදී)

:       0       0

නස්රී Monday, 04 August 2014 02:19 PM

සැම් මහත්තයා මුළු ලෝකයේම ඉතාමත්ම අපිරිසිදුම ලෙඩ රෝග වැඩිම ඉතාමත්ම පහත් පෙලේ නූගතුන් ඉන්න පළාතක් නෙවේ. ඉන්දියාවේ බලගත් ප්‍රාන්තයක් තමයි තමිල් නාඩුව කියන්නේ. ශ්‍රී ලංකා යුධ හමුදා වෙබ් අඩවියේ පළවු පුවතක් නිසා අන්තීමට නිකන් ඉන්න අහිංසක මිනිසුන්ට යන එනමන් නැති උනා (නදී)

:       0       0

වයිකෝ Monday, 04 August 2014 05:00 PM

කරදර මැද ළමයි අරන් ඉන්දියාවට ගියේ ඇයි (නදී)

:       0       0

මොහමඩ් Monday, 04 August 2014 05:05 PM

හා හරි නස්රී, තමිල්නාඩුව කියන්නේ මහා බලගතු ප්‍රාන්තයක් නම්, මොනවද ඔය තියන බලගතුකම්. තමිල්නාඩුවේ මොකද රත්‍රං, දියමන්ති එහෙම නැතිනම් ඛණිජ ද්‍රව්‍ය ලැබෙනවාද බලවත් වෙන්න. හැබැයි මිනිස් සම්පත නම් එපැයි කියන තරමට නම් තියෙනවා. ඒ එක්ක දුප්පත් කමේ පහලම අඩියට වැටිලා තියෙන ඉන්දියාවේ ප්‍රාන්ත අතරින් එකක් මිසක්. ඔයාට එහි ගියාම බලාගන්න පුළුවනි අපේ රටේ දුප්පත්ම ප්‍රදේශයකත් එම ප්‍රාන්තයත් අතර වෙනස. එ්ක වචනවලින් කියන්නත් බැහැ. මෙය සවිස්තරයක් මිසෙක එම ප්‍රදේශයට කරන නිග්‍රහයක් නොවේ. ඒ අතින් අපේ රට තවමත් වාසනාවන්. නමුත් සමස්තයක් ලෙස ගතහොත් අද වනවිට ඉන්දියාව ලෝක බලවතුන් ගණයට වැටෙන්නයි යන්නේ. එම නිසා අද දින තමිල්නාඩුවටත් බලවත් කමක් ආරෝපණය වෙලා තියෙනවා. ඒක මිසක්. (නදී)

:       0       0

රූපවතී Monday, 04 August 2014 05:25 PM

අනේ අර ගලනවා කියපු ගංගාව වත් ඔය ජය ලලිතාගේ සීමාව සමතලා කරගෙන යනවා නම් එතකොට අපිට පුළුවන් මුන් ඇට, කව්පි ඇට, ටිකක් අරන් ගිහින් ගුවනින් ජය ලලිතට අහුලා ගන්න කියල බිමට දමල එන්න (නදී)

:       0       0

ට්‍රයිකෝ රන්ජිත් Monday, 04 August 2014 05:47 PM

අපේ අයට ක්‍රිකට් ගහන්නම යන්න තැනක් නැතුවද එහේ ගියේ .? (නදී)

:       0       0

මහින්ද කේ ගොඩගේ සී ෂෙල්ස් Monday, 04 August 2014 05:54 PM

රිකාස් හරි එත් නස්රිට හිත රිදිලා වගේ. යන එනමන් නැති වෙන අයව බේරාගත්තේ හමුදාව. එ්කත් අමතක කරන්න එපා (නදී)

:       0       0

විපුල Monday, 04 August 2014 09:03 PM

නස්රී,බන්දුල පෙරේරාගේ මිත්‍රයෙක්ද. (නදී)

:       0       0

ශ්‍රීමාල් Monday, 04 August 2014 09:52 PM

අපේ ක්‍රීඩකයන්ට ගහනවා, වන්දනා නඩවලට ගහනවා, සංඝයා වහන්සේලට ගහනවා. අපේ අයටත් ලැජ්ජාවක් නැහැ. ඕක අස්සෙම රිංගන්න හදනවා. එහෙ අය ඕන වෙලාවක ලංකාව එනවා, බොහොම සතුටින් ලංකාවේ ඉන්නවා. අපේ ලාංකිකයන්ටයි බූවල්ලෙන් ගහන්න ඕනේ. එහේ රිංගන්න යනවට (නදී)

:       0       0

රිකාස් Monday, 04 August 2014 12:17 PM

අයියෝ, ලෝකේ ඕනෑ තරම් ක්‍රිකට් ගහන්න තැන් තියෙද්දී මොකටද එහෙ යන්නේ. ඒ ගොල්ලන්ට ඒගොල්ලන්ගේ ප්‍රශ්න විසඳ ගන්න බැරුව, අපේ ප්‍රශ්න වලට ඇඟිලි ගහනවා. (නදී)

:       0       0

සමරේ(ගාල්ල) Monday, 04 August 2014 12:23 PM

ජයලලිතට අපහාස වෙන්න තවත් තැන් ඉතිරි වෙලා තියෙනවද? (නදී)

:       0       0

සෑම් Monday, 04 August 2014 12:33 PM

ලෝකෙම තියන ඉතාමත්ම අපිරිසිදුම, ලෙඩ රෝග වැඩිම ඉතාමත්ම පහත් පෙලේ නූගතුන් ඉන්න පළාත තමයි චෙන්නායි කියන්නේ. ඉතින් මොන දේකටද අපේ අය ඔය නූගත් අයගේ කතන්දර අහන්ඩ එහෙ යන්නේ (නදී) චෙන්නෛ පාලනය කරන්නෙත් ලෝකෙම ඉන්න නූගත් මෝඩ ගැනියෙක්.

:       0       0

සමන්ත Monday, 04 August 2014 01:08 PM

රික්ස් සහ සෑම්, මේ කට්ටිය එහෙ යන්නේ වෙන තැන් නැති නිසා නෙමෙයි. ලාබෙට යන්න පුළුවන් නිසා. ලංකාවේ අද තියනවා ඕන තරම් ක්‍රිකට් පන්ති. මේ පන්ති වලින් ළමයින්ව අරගෙන ඉන්දීය සංචාර යනවා. හැබැයි එ්කට ලොකු ගානක් ළමයාගෙන් අය කරනවා. මගේ පුතත් ඔය පන්තියකට යනවා මලයාසියා යන්න අහනවා. මම එපා කිව්වා. මේ සල්ලි හොයන ක්‍රම (නදී)

:       0       0

උඩුමලගල ගමගේ Tuesday, 05 August 2014 04:15 AM

මේ වාද විවාද වලට වඩා සොයා බැලිය යුත්තේ අපේ දරුවන් මෙවැනි අනාරක්ෂිත තැනකට යැවීමට සංවිධානය කලේ සහ ඊට අවසර ලබා දුන්නේ කවුද කියන එක සොයා බැලීමයි. අනෙක මේ ළමයින්ගේ දෙමාපියනුත් කොයි තරම් මෝඩද ? (නදී)

:       0       0

නිරාන් Tuesday, 05 August 2014 04:28 AM

මුළු ලෝකෙන්ම ශ්‍රී ලංකාව කොන්වී ඇත පාලකයින්ට තියෙන්නේ හැදි මිටේ මොලයක්. ඒකයි මේ හැම දේටම හේතුව (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

හපුතලේ ගමකට මහ සුළඟක්
2025 මැයි මස 13 194 0

හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිත


මෙරට තරුණයන්ගෙන් ලක්ෂ 65 අක්‍රියයි
2025 මැයි මස 13 305 0

රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස


වෙන්නප්පුව මුහුදේ සිවු දෙනෙක් ගසාන යති
2025 මැයි මස 13 240 0

වෙන්නප්පුව වෙල්ලමන්කරේ මුහුදේ අද සවස දිය නෑමට ගිය හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුදේ ගසා ගෙන ගොස් ඇති බවත් එයින් දෙදෙනකු බේරා ගත්තද අතුරුදහන් වු සිව


මහරගම තරුණ සේවා සභාව ලස්සන දන් දෙයි
2025 මැයි මස 13 540 0

වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.


ලුණු මිල ඉහළට
2025 මැයි මස 13 1210 2

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.


කොත්මලේ අනතුර ගැන සොයන කමිටුව කොත්මලේට
2025 මැයි මස 13 581 0

කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1297 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1544 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site