IMG-LOGO

ක‍්‍රිකට් නිලවරණය නීති විරෝධී බවට ක‍්‍රිකට් සභාවට හෂාන්ගෙන් පැමිණිල්ලක්

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට නව නිලධාරීන් තෝරා ගැනීම සඳහා පසුගිය 3 වැනිදා පැවැති නිලවරණය (2012-13) එම ආයතනයේ ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් පවත්වා තිබෙන බැවින් ඒ පිළිබඳව පරීක්‍ෂණයක් පවත්වන ලෙස එහිදී විනිසුරු කමිටුවට තරග කිරීමට සූදානම්ව සිටි හිටපු ටෙස්ට් නායකයකු වන හෂාන් තිලකරත්න මහතා අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවෙන් ඉල්ලීමක් කර තිබේ. තිලකරත්න මහතා ඒ සම්බන්ධයෙන් පැමිණිල්ල පෙරේදා (07) විද්‍යුත් තැපෑලෙන් (ඊමේල්) අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ සභාපතිවරයාට යොමු කර ඇති බව වාර්තා වේ. අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව සිය සාමාජික රටවලට උපදෙස්දී තිබුණේ නිලවරණ පැවැත්වීමේදී දේශපාලන බලපෑම් වලින් තොරව පැවැත්වීමට වගබලාගතයුතු බවය. මෙවර පැවැති ක‍්‍රිකට් නිලවරණය ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් පවත්වන බවටත්, සිය පාර්ශවයේ සාමාජිකයන්ට එහිදී බලපෑම් එල්ල වී ඇති බවටත් චෝදනා කරමින් මොහාන් ද සිල්වා පාර්ශවය නිලවරණය කැඳවූ අවස්ථාවේදී විරෝධය පළ කරමින් සිය නාමයෝජනා ඉවත්කර ගත්තේය. පැමිණිල්ල කළ හෂාන් තිලකරත්න මහතා එම පාර්ශවයෙන් විනිසුරු කමිටුවට තරග වැදීමට නියමිතව සිටියේය. ක‍්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් නුසුදුස්සන් ඡන්දයට ඉදිරිපත්වීම, ඡන්දය ප‍්‍රකාශ කිරීමට නුසුදුස්සන්ට අවස්ථාව ලබාදීම සහ ඡන්දය ප‍්‍රකාශ කරන ලැයිස්තු පසුව වෙනස් කර ඒ සඳහා දේශපාලනඥයන් කැඳවීම යන කරුණු පිළිබඳව තිලකරත්න මහතාගේ පැමිණිල්ලේ සඳහන් බව ද වාර්තා වේ. බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රීවරයකු ද වන හිටපු ටෙස්ට් නායක හෂාන් තිලකරත්න මහතා මීට පෙර අවස්ථාවකද මුදලට තරග පාවාදීම පිළිබඳව කළ හෙළිදරව්වක් රටතුළ දැඩි කතා බහට ලක්විය. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලවරණයේදී සභාපති ධූරයට උපාලි ධර්මදාස මහතා නිතරගයෙන් පත්විය.



අදහස් (0)

ක‍්‍රිකට් නිලවරණය නීති විරෝධී බවට ක‍්‍රිකට් සභාවට හෂාන්ගෙන් පැමිණිල්ලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 94 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1018 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site