IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කි‍්‍රකට් කී‍්‍රඩාවට අසීරුම තැන ශී‍්‍ර ලංකාවයි

ලෝකයේ කි‍්‍රකට් කී‍්‍රඩා කිරීමට ඉතාමත් අසීරු ස්ථානය ශී‍්‍ර ලංකාවයි. ඊට හේතුව දැඩි අවු රශ්මිය පමණක් නොවේ. අධික දහදිය දැමීමත් එයට බලපානා විශාල හේතුවකි. පන්දුවට පහර දුන්නත්, පන්දු යැවුවත්, පන්දු රැකීමේ යෙදුණත් මේ තත්ත්වයෙන් ගැළවීමක් නැත. පන්දු  ඕවර කිහිපයක් යැවීමෙන් පසුව පන්දු යවන්නන්ගේ කමිස දහදියෙන් පෙ`ගී යන අතර පන්දුවට පහර දෙන්නේ නම් සෑම විනාඩි 20 කට වරක්ම අත් ආවරණ මාරු කිරීමට සිදුවෙයි. මේ තත්ත්වය නිසා කී‍්‍රඩකයන් තමන්ට ගැලපෙන දියර වර්ග ශී‍්‍ර ලංකාවට රැගෙන යාම අත්‍යවශ්‍ය කාරණයකි. දිනයේ කී‍්‍රඩාව ආරම්භයේදීද, සෑම පැය දෙකකට වරක්ද කී‍්‍රඩකයන්ගේ බර කිරා බැලෙන අතර ඔවුන්ගේ බර අඩුවීමක් වී ඇත්නම් ඒ වෙනුවට දියර වර්ග ගැනීමට උපදෙස් ලැබේ. ඇතැම් අවස්ථාවන්හිදී, පැය දෙකක කාලයක් තුළ, කී‍්‍රඩකයන්ගේ බර කිලෝ ග‍්‍රෑම් 3 ක් දක්වා අඩුවන අතර ඊට ප‍්‍රධානතම හේතුව අධික දහදිය දැමීම මිස අනෙකක් නොවේ. ‘කී‍්‍රඩකයන් සෑම අවස්ථාවකදීම නිසි ශාරීරික යෝග්‍යතාවකින් පසුවිය යුතුයි’ යයි කීම පහසු වුවත්, කී‍්‍රඩකයන් නිතරම නියමිත ජල ප‍්‍රමාණයෙන් සංතෘප්ත විය යුතු අතර සෞඛ්‍ය තත්ත්වයන් සමග අවදානමක් නොගත යුතුය. වේග පන්දු යවන්නන් එක දිගට පන්දු යවන්නේ  ඕවර කිහිපයක් පමණි. එබැවින් ගේ‍්‍රඒම් ස්වෝන්, මොන්ටි පනීසාර් සහ සමිත් පතෙල් (ඔහු කී‍්‍රඩා කරන්නේ නම්) වැනි දග පන්දු යවන්නන්හට වැඩි බරක් පැටවෙයි. කෙසේ වෙතත් වඩාත්ම වැදගත් කාරණය වන්නේ මේ ආගන්තුක තත්ත්වයන්ට මුහුණ දීමට අපේ කී‍්‍රඩකයන් හැඩගැසීමයි. එය ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාව හා බැඳී පවතින තත්ත්වයකි. ශී‍්‍ර ලංකා කණ්ඩායම මැයි මාසයේදී එංගලන්තයේ කී‍්‍රඩා කරන්න පැමිණීමේදීත් මුහුණ දෙන්නේ මෙවැනිම තත්ත්වයකටය. ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාව යනු කි‍්‍රකට් කී‍්‍රඩාවේ දස්කම් මැන බැලීමක් පමණක් නොවේ. එය වටාපිටාව සහ දේශගුණික තත්ත්වයන් සමග ගනුදෙනු කරන ආකාරයේ සමත් කමත් මැන බැලීමකි. - බී. බී. සී. ඇසුරිනි (ඇලෙක් ස්ටුවර්ට් එංගලන්ත පිලේ හිටපු නායකයකු වන අතර වසර 2001 දී ශී‍්‍ර ලංකාවට පැමිණ 2-1 ක් ලෙසින් ටෙස්ට් තරගාවලිය ජයගැනීමට සමත් විය)



අදහස් (0)

කි‍්‍රකට් කී‍්‍රඩාවට අසීරුම තැන ශී‍්‍ර ලංකාවයි

kk Wednesday, 04 April 2012 02:20 PM

හොඳ නැට්ටුවට ඕන පොලවක නටන්න පුළුවන් විය යුතුයි..

:       0       0

නිහාල් Tuesday, 03 April 2012 06:58 PM

මේ ප්‍රශ්නයට හොද නුවරඑළියේ ඉන්ටර්නැෂනල් පිට්ටනියක් හදන්න.

:       0       0

රන්පත් Friday, 06 April 2012 09:49 AM

මහින්දගේ සැලසුමක් නැති වැඩ

:       0       0

රන්පත් Friday, 06 April 2012 09:50 AM

මහින්දගේ සැලසුමක් නැති වැඩේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 359 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 215 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site