වී කිලෝවක මිල රුපියල් 45 ක සහතික මිලක් පැවතුණත් තමන්ට රුපියල් 22කට වඩා නොලැබේ යැයි ගොවි සංවිධාන පවසති.
ඉකුත් මහ කන්නයේ වී මෙට්‍රික් ටොන් ලක්ෂ අටකට වඩා ඉතිරි වී ඇති අතර ඉදිරි යල කන්නය අවසන් වන විට මෙට්‍රික් ටොන් ලක්ෂ විස්සකට වඩා ඉතිරිවී ඇතැයි ද ගොවි සංවිධාන පෙන්වා දෙයි.
මේ පිළිබඳව බලධාරින්ට කරුණු කියු නමුත් කිසිදු ප්‍රතිචාරයක් නැතැයි ජාතික පුස්තකාලයේ අද (9) පැවැති මාධ්‍ය හමුවකදී ගොවි සංවිධාන සහල් සැකසුම් ආයතන සහ වී මෝල් හිමියන්ගේ සංවිධාන එකමුතුව කැඳවුම්කරු වන අරුණ බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.
අතිරික්ත වී වෙනුවෙන් වැඩ පිළිවෙළක් සකසන ලෙසත් ගොවින්ට හා පාරිභෝගිකයන්ට සහන ලබා දී අතරමැදියන් ඉවත් කරන ලෙසත් ඉල්ලා බලධාරින් සියලු දෙනාට ලිපි යවා ඇතැයි කී ඒ මහතා තම හඩට කන් නොදෙන්නේ නම් ඉදිරි මැතිවරණයේදී කිසිවෙකුට ජන්දය නොදෙන්නට තම සංවිධාන රට පුරා ගොවීන් සහල් සැකසුම්කරුවන් සහ වී මෝල් හිමියන් දැනුවත් කිරිමේ විරෝධයක් ආරම්භ කරන බවද හෙතෙම සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
138
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කියන විදයට වැඩ නෑ
සජිත් Thursday, 09 July 2015 03:24 PM
ඕවා විශ්වාස කළ අයත් ඉඳලා තියෙනවා එහෙනම්. (නි)
විජයබාහු Thursday, 09 July 2015 12:07 PM
තව ටික දවසක් ඉවසගෙන ඉන්නකෝ (නි)