IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කිඹුලා බනිස 34600 කට වෙන්දේසි වෙයි

(කාංචන කුමාර ආරියදාස )

දඹුල්ල ‘ජවය තරුණ සංවිධානය’ දින තුනක් පුරා පවත්වන්නට වූ නාට්‍ය සංදර්ශන මාලාව  සහ භාණ්ඩ සල්පිල් වෙන්දේසියේදී කිඹුලා බනිස් ගෙඩියක් රු 34600 ක මුදලකට ලබාගැනීමට ජ ර් මන් ජාතික සංචාරකයන් පිරිසක් දඹුල්ල පොහොරන්වැව ප්‍රදේශයේදී සමත් වී තිබේ .
වෙන්දේසිය  සඳහාම  ප්‍රදේශයේ තරුණ කණ්ඩායමක් විසින් බේකරියකට ඇනවුමක් ලබා දී කිඹුලෙකුගේ හැඩය ඇති විශේෂ බනිස් ගෙඩියක් ඉදිරිපත් කොට තිබිණි.
ඒ අනුව  ශ්‍රී ලාංකික ප්‍රදේශවාසීන් තරුණ පිරිසක් සහ මෙම නාට්‍ය සන්දර්ශනය නැරඹීම සඳහා පැමිණ සිටි ජර්මන් ජාතික පිරිසක් අතර පැය කිහිපයක වෙන්දේසි සටනකින් පසුව විදෙස් ජාතික කණ්ඩායම මෙම කිඹුල බනිස් ගෙඩිය මිලදීගෙන තිබේ
මිලදී ලබාගත් බනිස් ගෙඩිය මෙම විදේශීය සංචාරකයන් කුඩා දරුවෙකුට ලබාදීම සිදුක කළ බව සංවිධායකයෝ පවසති.
මෙවැනි වෙන්දෙසි යකදී කිඹුලා බනිස් ගෙඩියක් රු 22200ක මුදලකට මිට වසර කීපයකට ඉහතදී ගලෙන්බිදුනවැව පඩිකාරමඩුව පැවති සංදර්ශනයකදී අලෙවි වී තිබිණි .
මෙහිදී ගීත ගායනා ගීත මුද්‍රා නාට්‍ය සංදර්ශන ආදී විනෝද කාමී අවස්ථා රැසක් පවතී අතර වෙදෙස් සංචාරකයෝ ද විනෝද වීම සදහා පැමිණ සිටියහ .
විරිදු ශිල්පී චමින්ද කුමාර ගල්ගමුව විසින් රු 34.600 ක වාර්තා ගත මුදලකට මෙය වන්දේසිය සිදුකර තිබේ ,

 



අදහස් (0)

කිඹුලා බනිස 34600 කට වෙන්දේසි වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 301 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 997 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site