(අමදෝරු අමරජිව)
පුල්මුඩේ පාලම්කුලම් වෙල්යායේදි කුඹුරක් සම්බන්ධයෙන් දෙපාර්ශවයක් අතර ඇති වු ආරවුලක් හේතු කොටගෙන කපාකොටා දෙදෙනකු මරාදමා ඇති අතර ගැටුමෙන් තුවාල ලැබු තිදෙනකු පුල්මුඩේ රෝහලට ඇතුලත් කිරිමෙන් පසු එක් අයකුගේ තත්වය බරපතල බැවින් පසුව ත්‍රිකුණාමලය රෝහලට මාරුකර ඇති බව පොලිසිය කියයි.
මෙලෙස ඝාතනය වි ඇත්තේ පුල්මුඩේ කොට්ඨාස අංක 01හි පදිංචිකරුවන් වන අබ්දුල් පරිඩ් අලවුදීන් (37) හා සින්න මරික්කාර් බදූර් (40) නැමැති අයයි.
මියගිය දෙදෙනා ගැටුම් ඇතිකර ගත් පාර්ශව දෙකේ දෙදෙනකු වේ. මෙම කුඹුරු ඉඩමේ අයිතිය සම්බන්ධයෙන් අබ්දුල් පරිඩ් නැමැත්තාගේ පවුලේ සහෝදරයන් හා සින්නමරික්කාර නැමැත්තාගේ පවුලේ සහෝදරයන් අතර මෙම ගැටුම හටගෙන තිබේ.
පුල්මුඩේ කොට්ඨාස අංක 5 පාලම්කුලම් වෙල්යායේ පිහිටා ඇති කුඹුරුයායේදි කුඹුරේ අයිතිය සම්බන්ධයෙන් මෙම ගැටුම හටගෙන ඇති අතර එහිදි මෙම ඝාතන සිදුවි තිබේ.
මෙම කුඹුරු ඉඩම් සම්බන්ධයෙන් කලක පටන් ආරවුල් හටගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් අධිකරණයෙන් තීන්දුවක් ලබාදි තිබියදි මෙම ආරවුල හට ගෙන ඇති බව පොලිසිය කියයි. මියගිය දෙදෙනාගේ මළ සිරුරු වෙල්යායේ ඇති අතර ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් එම ස්ථානයට පැමිණ ස්ථානිය පරික්ෂණයක් සිදු කිරිමෙන්පසු පශ්චාත් මරණ පරික්ෂණ පැවැත්විමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
284
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
189
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුඹුරකට දෙපිරිසක් ගැටී දෙකක් මරුට