IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


කෑම සොයා ආ ගාසාවේ 56කට ඊශ්‍රාලයෙන් වෙඩි

(විමුක්ති එස් රුද්‍රිගු)


ගාසා තීරයේ ආහාර, ජලය හා වෛද්‍ය පහසුකම් ලබා ගැනීමට පැමිණි 56 දෙනෙකු ඊයේ (03) ඊශ්‍රායල හමුදා වෙඩිතබා ඝාතනය කර ඇති බවත් ඉන් 27 දෙනකු පැමිණ ඇත්තේ ආහාර සොයා ගෙන බවත් අල්-ජසීරා පුවත්සේවය වාර්තා කළේය.

එසේම තවත් ගසා වැසියන් 6 දෙනෙකු ඊයේ (03) කුසගින්න හේතුවෙන් මියගොස් ඇතැයිද එම පුවත් සේවය පැවැසුවේය. එම සිදුවීමත් සමග පසුගිය මැයි මාසයේ සිට මේ දක්වා ආහාර, ජලය හා වෛද්‍ය පහසුකම් සොයා පැමිණි ගසා වැසියන් 1300 ක් ඊශ්‍රායල හමුදා අතින් ඝාතනයට ලක්ව තිබෙන බවද අල්-ජසීරා පුවත් සේවය වාර්තා කළේය.

ගාසා තීරයේ කුසට ආහාරයක් නොමැති වීම හේතුවෙන් මේ වනවිට 175 දෙනකු මියගොස් ඇතැයි තහවුරු වී තිබෙන බවත් ඉන් 93 ක් ළමුන් බවත් එම පුවත් සේවය පෙන්වා දුන්නේය. ගාසා තීරයේ ළමයින් 6000 කට වැඩි පිරිසක් මන්දපෝෂණයෙන් පෙළෙන බවත් ඉන් 1000 කට වැඩි පිරිසක් උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන බවත් අල්-ජසීරා පුවත්සේවය වාර්තා කළේය.

ඊශ්‍රායල ආරක්ෂක හමුදාවේ මාර්ග බාධක හේතුවෙන් දිනකට ගාසා තීරයට ඇතුළු වන්නේ මානුෂීය ආධාර රැගත් ට්‍රක් රථ 80ත් 100ත් අතර ප්‍රමාණයක් බවත් එය කිසිසේත් ප්‍රමාණවත් නොවන බවත් එම පුවත් සේවය පෙන්වා දුන්නේය. ඊශ්‍රායල ආරක්ෂක හමුදාවේ මාර්ග බාධක හේතුවෙන් දිනෙන් දින කුසට ආහාරයක් නොමැති වීම හේතුවෙන් දිනෙන් දින මියයන ගාසා වැසියන් සංඛ්‍යාව ඉහළ යමින් තිබෙන බවද එම පුවත් සේවය ප්‍රකාශ කළේය.

මානුෂීය ආධාර රැගත් ට්‍රක් රථ 22,000 ගාසා තීරයට ඇතුළුවීමේ බලාපොරොත්තුවෙන් රැඳී සිටින බවද එම පුවත් සේවය පෙන්වා දුන්නේය. 

 



අදහස් (4)

කෑම සොයා ආ ගාසාවේ 56කට ඊශ්‍රාලයෙන් වෙඩි

Perakum Liyanagama Monday, 04 August 2025 05:06 PM

කෝ මේ ජිනීවා නීති අපට විතරද? ඇයි දෙගොල්ලකට දෙවිධියකට...? බලවතාට එක විධියක් දුබලයාට වෙන විධියක්...

:       0       17

fairoos Monday, 04 August 2025 05:08 PM

ලංකාවේ අපි නම් මොනවා කිව්වත් ඊශ්‍රායලයට තමයි අපේ සපෝර්ට් එක... කාලකණ්ණි.

:       4       7

Pradeep KumaraTuesday, 05 August 2025 11:31 AM

කාට සපෝර්ට් කලත් කමක් නෑ, කුස ගින්න හැමෝටම පොදු දෙයක්. මේ තරම් දියුණු යුගයක පවා යම් කොට්ඨාශයක් කුසගින්නේ මිය යනවානම් එය හරිම ශෝචනීය තත්වයක්. මානව හිමිකම් සංවිධාන වහාම මුල් විය යුතුයි. මැරුණ මිනිසුන්ගේ මානව හිමිකම් ගැන හොයන්න කලින් මේ ජීවත් වෙලා ඉන්න අසරණයින්ගේ හිමිකම් ගැන හොයලා බලන්න. මානව හිමිකම් සංවිධාන කියන්නෙත් එක්තරා ආකාරයක පාළු ගෙයි වළං බිඳින කොට්ඨාශයක්.

:       0       0

Perakum Liyanagama Tuesday, 05 August 2025 01:21 AM

හිට්ලර් විතරයි ඒක හරියට කලේ. ආයි ඉතිං හිට්ලර් කෙනෙක් කවද එයිද.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 718 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17955 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 769 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site