IMG-LOGO

2025 අගෝස්තු මස 12 වන අඟහරුවාදා


කෑම සටනින් මැතිසබේ සේවකයෝ ජය ගනිති

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

රැපියල්  3600ක් දක්වා ඉහළ දැමුණු පාර්ලිමේන්තු සාමාන්‍ය සේවකයන්ගේ  මාසික කෑම  බිල  රුපියල් 2500ක් දක්වා රුපියල් 1100  කින් අඩු කිරීමට පාර්ලිමේන්තු ගෘහ්‍ය  කාරක සභාව අද (23)  තීරණය කළේය.

පාර්ලිමේන්තු සේවකයන්ගේ මාසික කෑම බිල ඊයේ (22) වනතුරු පැවැතියේ රුපියල් දහසක් වශයෙනි.

එම මුදල රුපියල්  3600ක් දක්වා වැඩි කිරීමට පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව ඊයේ (22) තීරණය කළේය.

මාසික කෑම බිල එපමණ  ප්‍රමාණයකින් වැඩි කිරීමට පාර්ලිමේන්තු සේවකයන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වීම හේතුවෙන් පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව ඊයේ හදිසියේ  රැස්වී එම මුදල  රුපියල් 1100  කින් මෙසේ අඩු කළ බව  පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

පාර්ලිමේන්තු සේවකයන්ගේ සහ නිලධාරීන්ගේ මාසික කෑම බිල වැඩි කිරීමට පෙරේදා යෝජනා කර ඇත්තේද පාර්ලිමේන්තු නිලධාරීන්  විසිනි.

කෙසේ වෙතත්  රුපියල් 1500 සිට  4000 දක්වා වැඩි කෙරුණු පාර්ලිමේන්තු විධායක නිලධාරීන්ගේ කෑම  බිල වෙනස් නොකිරීමටද තීරණය කර ඇත

මාධ්‍යවේදීන්ට සහ පාර්ලිමේන්තුවේ  පොලිස් නිලධාරීන්ගේ කෑම බිලද  වෙනස්  නොකෙරේ.



අදහස් (14)

කෑම සටනින් මැතිසබේ සේවකයෝ ජය ගනිති

Lal Friday, 23 May 2025 07:21 PM

පිං පඩි කාරයන්ට පිනට දන්සල්...

:       35       52

රනිදුSaturday, 24 May 2025 04:08 PM

ඇයි මාධ්‍යවේදීන්ට ජනතා මුදලින් සහන මිලට කන්න දෙන්නේ?

:       17       10

PGPThilak Friday, 23 May 2025 07:29 PM

ඕවා සටන් නොවෙයි මහ දවල් බලහත්කාරයෙන් මහජන මුදල් මංකොල්ල කෑම්! ආණ්ඩු පුරවැසියන්ගේ බදු මුදල්වලින් වරප්‍රසාද ලත් තක්කඩි රැලකට අල්ලස් දෙමින් මහජනයා රවට්ටනවා!!

:       30       51

Nandalal DE SILVA - France Friday, 23 May 2025 09:23 PM

මොකක් හරි අංචියක් ඇදලා..., මැති සබේ සේවකයින්ට මාර පරිප්පුවක් කවලා, පාර්ලිමේන්තු කාරක සභාව... ඔවුන්ගේ බත්පතට ගහන්න හදපු එකෙන් එම සේවකයන් ජයගැනීම අගය කළ යුතුය.

:       54       22

B Amarasinghe Saturday, 24 May 2025 03:46 AM

මාසෙකට 3600යි. දවස් 21ක් වැඩට ගියොත් එක දවසකට වෙන්නේ 175/- වේල් එකකටද? නැත්නම් උදේ දවල් හවස තුනම දෙනවද? කාවද මේ රවටන්නේ?

:       1       9

වන්නකු Saturday, 24 May 2025 06:54 AM

අපේ සල්ලි වලින් පිණට කන බඩජාරියෝ. මොවුන්ට ලැජ්ජා නැති හැටි...!

:       1       12

පුංචා Saturday, 24 May 2025 07:39 AM

මාධ්‍යවේදීන්ටයි, පොලීසියටයි දෙන්නේ කීය ගානේද ?කියලා දාන්න පුළුවන් කම්. මම අභියෝග කරනවා.

:       0       5

සෙනෙ Saturday, 24 May 2025 08:57 AM

මාසයකටම රුපියල් 1000 යි ? හිතන්නටත් බැරි ගානක්නේ, 1000/30= 30.33.

:       0       9

නිහාල් Saturday, 24 May 2025 10:35 AM

අපි පත් කරලා යවන අය නිකම් කන්න දෙන්න ඕනෑ මදිවාට ඒ තැන සේවකයින්ටත් නිකම් කන්න දෙන්න වෙලා රටේ මිනිස්සුන්ට...

:       1       8

nipuna Saturday, 24 May 2025 10:56 AM

අසාධාරණ ගණන් වලට මෙහෙම කන අයට යන කෑම දිරවන්නේ නැතුව බඩ යන්න ඕනෑ...

:       1       10

රසික Saturday, 24 May 2025 03:19 PM

වියදම පියවා ගැනීමට මිල තීරණය කිරීම එයාලට අදාළ නැද්ද එතකොට...?

:       0       6

Aru Sunday, 25 May 2025 08:39 AM

ගෙදරින් කෑම ගේන්න බැරිද ඔහෙලාට...? හැමෝම මෙහෙම මහජන මුදලින් පිනට ගිලිනවද? අනේ අම්මපා මේ අයට ලැජ්ජාවක් නැති හැටි.

:       0       1

parami Sunday, 25 May 2025 10:26 AM

ආහාර සඳහා යන වියදමට අනුව මිල නියම කළ යුතුයි. ජනතාව සෑම දෙයකටම මිලක් ගෙවනවා. පාර්ලිමේන්තු සේවකයින්ට විතරක් වෙනස් වෙන්න බැහැ.

:       0       2

Kamal Koyrala Sunday, 25 May 2025 12:05 PM

ප්‍රවාහන සහ සියලු පහසුකම් සලසා දී තිබියදී පැය 8ක සේවය සහ අතිකාල දීමනාත් ගෙවා කන්නත් දෙන්නේ මන්ද? මහජන බදුමුදල් එසේ නම් සියලු රාජ්‍ය සේවකයින්ට එක හා සමානව සැලකිය යුතුයි. ආහාර දීමනාව වැටුපට එකතුකළ යුතුයි. මෙය බලවත් අසාධාරණයක්... එමෙන්ම මැති සබේ පවතින්නේ කී දවසක්ද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 34 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 634 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 346 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site